IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


වදින්න ගිය දේවාලය හිසේ කඩා වැටී 44 ක් මරුට

නයිජීරියාවේ ලාගෝස් හි දේවස්ථානයක් කඩාවැටී 44ට වැඩි පිරිසක් මියයන්නට ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාකරයි. කඩාවැටුණු සුන්බුන්වලට යටවී සිටි 130ක් පමණ බේරාගත් බවත් එරට හදිසි අවස්ථා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. ටී.බී.ජෝශුවා නමැති ප්‍රසිද්ධ නයිජීරියානු දේශකවරයෙක් මේ දේවස්ථානය පවත්වාගෙන යයි. දේවස්ථානයට තවත් තට්ටු තුනක් එකතුකිරීමේ ඉදිකිරීම් සිදුවෙමින් තිබිය දී මෙලෙස කඩා වැටී ඇත.

සිද්ධිය වාර්තාකිරීමට ගිය මාධ්‍යවේදීන්ටත් සහන සේවකයන්ටත් දේවස්ථානයේ සාමාජිකයන්ගේ කෙණෙහිළිකම්වලට මුහුණ දීමට සිදුවූ බව ද මාධ්‍ය වාර්තාකැර ඇත. එක් වාර්තාකරුවකුගේ කැමරා උපකරණවලට ද හානි සිදුව ඇත.

ජෝශුවා පවසන්නේ දේවස්ථානයට ඉහළින් ඉතා පහතින් කිහිපවරක් කැරකුණු ගුවන් යානයක් මේ කඩා වැටීමට හේතුවවක් වූ බවයි. හදිසි අවස්ථා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ මූළික සැලැස්මට අනුකූල නොවන ලෙස තවත් තට්ටුවක් එක්කිරීම මේ කඩා වැටීමට හේතුවූ බවයි.

ජෝශුවාගේ දේශන ඇසීමට මේ පල්ලියට දහස් ගණනින් අනුගාමිකයෝ පැමිණෙති.



අදහස් (0)

වදින්න ගිය දේවාලය හිසේ කඩා වැටී 44 ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 238 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 175 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 980 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site