ලොව විශාලතම ක්‍රිප්ටෝ මුදල් හුවමාරු ආයතනයක් වන බයිනෑන්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක් එල්ල කරමින් මුදල් සොරකම් කළේ උතුරු කොරියාවේ හැකරුන් යැයි එල්ල වන චෝදනා උතුරු කොරියාව තරයේ ප්‍රතික්ෂේප කරයි.

උතුරු කොරියා නායක කිම් ජොන් උන්ගේ දෙවැනියා ලෙස කටයුතු කරන ඔහුගේ සොහොයුරිය කිම් යෝ-ජොං පවසා ඇත්තේ, එම හැකර් ප්‍රහාරය සහ මුදල් සොකරමට උතුරු කොරියාවේ කිසිදු සම්බන්ධයක් නොමැති බවය.

ඉකුත් සතියේ බයිනෑන්ස් සමාගමට එල්ල වුණු සයිබර් ප්‍රහාරයක් එල්ල වූ​යේ ඇමෙරිකා ඩොලර් බිලියන 6.3ක වාර්තාගත මුදලක් සොරකම් කරමිණි. මෙය මෙතෙක් සිදුවණු විශාලතම ක්‍රිප්ටෝ මුදල් කොල්ලය ලෙස සැලකෙයි.