ඉන්දියාවේ හිටපු ජනපති ආචාර්ය අබ්දුල් කලාම්ගේ දේහය අද (29) ඔහුගේ උපන් නගරය වන තමිල්නාඩු ප්‍රාන්තයේ රාමේෂ්වරම් වෙත රැගෙන එනු ලැබීය.
අවසන් කටයුතු බ්‍රහස්පතින්දා (30) උදෑසන පැවැත්වීමට නියමිත අතර ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ද ඊට සහභාගී වීමට නියමිතය.
83 හැවිරිදි ආචාර්ය කලාම් හෘදයාබාදයකින් මෙලොවින් සමුගත්තේ පසුගිය 27 වැනිදා සවසය. ඒ ෂිලෝන් නුවර ඉන්දීය කළමනාකරණ ආයතනයේ දේශනයකට සහභාගී වෙමින් සිටිද්දී සිහිසුන්ව ඇද වැටීමෙන් පසුවය.
කලාම්ගේ දේහය අඟහරුවාදා (28) හමුදා ගෞරව සහිතව විශේෂ ගුවන් යානයකින් නවදිල්ලි අගනුවරට ගෙන ආවේය. ගුවන් හමුදා කඳවුරේ දී අගමැති නරේන්ද්‍ර මෝදි සහ වර්තමාන ඉන්දීය ජනාධිපති ප්රනාබ් මුඛර්ජී පැමිණ ගෞරව දැක්වූහ.
අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවන් තමන් අවමංගල්‍ය උත්සවයට සහභාගී නොවන බව තමිල්නාඩු මහ ඇමැතිනී ජයලලිතා ජයරාම් පවසා ඇත.
ආචාර්ය කලාම් ඉන්දියාවේ 11 වැනි ජනපතිවරයා වූ අතර 2002 වසරේ සිට 2007 වසර දක්වා ජනපතිධුරය දැරුවේය. අබ්දුල් කලාම් රාමේෂ්වරම්හි උපත ලැබුවේ 1931 ඔක්තෝබර් 15 වැනි දා ය.
සූර්ය බලශක්තිය, න්‍යෂ්ටික බලශක්තිය, තාක්ෂණය හා විද්‍යාව සඳහා ඔහු කළ ඉමහත් සේවාව වෙනුවෙන්, ඉන්දියාවේ පුද්ගලයකුට හිමිවන ඉහළම සම්මාන වන භාරත් රත්න හා පද්ම භූෂණ සම්මාන වලින් ද පිදුම් ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උගත්කමෙන් බලවත්කමෙන් ඉහළටම ආවත් මනුස්සකම කියන යහපත් ගුණය හැමදාම පෙන්වපු නිහතමානී මහත්මයෙක්.ඔබට ඔබේ ආගම අනුව මෝක්ෂ සුවය ලැබේවා. (නි)
අපේ දේශපාලනඥයන්ට විතරක් නෙමෙයි සෑම පුද්ගලයෙකුටම තම ජීවිතය බොහොම සංවරශීලිව, ආතතියෙන් තොරව හැඩගස්වා ගැනීමට එතුමාගේ ජිවන රටාව ආදර්ශයකට ගත හැකිය. එතුමාට නිවන් සුව පතමි. (ම)