IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


එන්නත් වැඩසටහන අර්බුදයක

ලොව දිළිඳු සහ සංවර්ධනය වෙමින් පවතින රටවල් 131 කට එන්නත් නොමිලේ ලබා දීමට ආරම්භ කළ 'කොවැක්ස්' වැඩසටහන මේ වනවිට අර්බුදයකට ලක් වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

'කොවැක්ස්' වැඩසටහනේ දී සිදුවන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය එන්නත් නිෂ්පාදකයන්ගෙන් එන්නත් මිලදී ගෙන ඒවා බෙදා දීමය.

ඊට අමතරව, ඇමෙරිකාව ප්‍රංශය ඇතුළු බටහිර රටවලින් ද ආධාර වශයෙන්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ 'කොවැක්ස්' වැඩසටහනට එන්නත් ලැබීම සිදුවෙයි.

එසේ වුවත් ප්‍රමාණවත් ලෙස එන්නත් නොලැබීම නිසා ක්‍රමාණුකූලව සහ නිසි වේලාවට එන්නත් බෙදා දීමට නොහැති වී ඇති බවත් එම නිසා එන්නත්කරණ වැඩසටහන බරපතල ලෙස අර්බුදයකට ලක් වී ඇති බවත් ලෝස සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ඇඩ්හොම් ගෙබ්‍රියේසස් පැහැදිලි කර තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය ඔවුන්ගේ 'කොවැක්ස්' වැඩසටහන ආරම්භ කළේ ඉන්දියාවේ නිෂ්පාදිත 'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා කොවිෂීල්ඩ්' එන්නත යොදා ගනිමිනි. කෙසේ නමුත්, නිෂ්පාදිත 'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා කොවිෂීල්ඩ්' එන්නත ප්‍රමාණවත් තරමින් නිෂ්පාදනය කිරීමට ඉන්දියාවේ 'සේරම්' සමාගම අපොහොසත් වීමත්, ඉන්දීය රජය එරට නිපදවන එන්නත් අපනයනය නැවැත්වීමත් නිසා 'කොවැක්ස්' වැඩසටහනට ප්‍රමාණවත් අයුරින් එන්නත් ලැබුණේ නැත.

'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා කොවිෂීල්ඩ්' එන්නතේ පළමු මාත්‍රාව ලෙස එන්නත් ලබා දුන් රටවල් බොහොමයකටට දෙවැනි මත්‍රාවක් ලබා දීම සිදුනොවිණි.

එන්නත් ලබා දෙන එම රටවල් 131 කට එන්නත් මාත්‍රා මිලියවන 90 ක් මේ වනවිට බෙදා දී අවසන් යැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා පැවැසුවත්, ඔහු පැහැදිලි කරන ආකාරයට කොරෝනා වයිරස වසංගතය පාලනය කිරීමට එය කිසිසේත් ප්‍රමාණවත් නොවෙයි.

අප්‍රිකා රටවලට එන්නත් ලබා දී ඇත්තේ සියයට 2 ක ප්‍රතිශතයක් පමණක් යැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා පවසයි. 'කොවැක්ස්' වැඩසටහන හරහා අප්‍රිකා රටවලට බෙදා දී ඇත්තේ එන්නත් මිලියන 40 ක් පමණි.

ජිනීවාහිදීය (රොයිටර්)



අදහස් (0)

එන්නත් වැඩසටහන අර්බුදයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 306 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2126 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1616 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site