වොෂින්ටන්හිදීය (රොයිටර්)
ඇමෙරිකා එක්සත් ජනපද කොංග්‍රස් සභාව හමුවේ පෙනි සිටීමට පෙර ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයේ නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් කොංග්‍රස් සභිකයන් කිහිපදෙනකු හමුවීමට නියමිත බව වාර්තා වේ.
ෆේස්බුක් සමාජ ජාලය භාවිත කරන්නන්ගේ දත්ත දේශපාලන උපදේශන සමාගමකට ලබා දීමේ චෝදනාව නිසා කොංග්‍රසයේ හමුවේ පෙනි සිටින ලෙස කොංග්‍රස් සභාව මීට පෙර අවස්ථාවකදී මාර්ක් සකර්බර්ග්ට දන්වා තිබිණි.
මාර්ක් සකර්බර්ග් කොංග්‍රස් සභාව හමුවේ පාපෝච්චාරණය කිරීමට නියමිත අතර ඊට පෙර ඔහු මෙලෙස කොංග්‍රස් සභිකයන් කිහිපදෙනකු හමුවීමට නියමිත බව වාර්තා විය. මෙම හමුවේදී සකර්බර්ග් හමුවන කොංග්‍රස් සභිකයන්ගේ නම් අනාවරණය කර නොතිබුණු අතර එය ප්‍රසිද්ධ හමුවක් නොවීම ඊට හේතු ව යැයි වාර්තා විය.
මේ සම්බන්ධයෙන් ෆේස්බුක් සමාගම කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වූ අතර මාර්ක් සකර්බර්ග් අද (9) කොංග්‍රස් සභිකයන් හමුවීමට නියමිතව තිබූ බව වාර්තා විය.
(055)
2025 දෙසැම්බර් මස 04
694
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මාර්ක් සකර්බර්ග් කොංග්‍රස් සභිකයන් හමුවේ