පිලිපීන උප ජනපති ජෙජෝමාර් බිනෙයි පොලිසියට බැණ වැදුණු බවටත් පොලිස් නිලධාරීන්ට අපහාස කළ බවටත් මැනිලා පොලිසිය අද (01) චෝදනා කළේය.
මෙම අර්බුදය ඇති වී ඇත්තේ විශේෂ නීති උපදේශකයකුගේ උපදෙස් මත පොලිසිය මකාටි දිස්ත්‍රික්කයේ නගරාධිපතිවරයා වන උප ජනපතිවරයාගේ පුත්‍රයා එම තනතුරෙන් තාවකාලිකව ඉවත් කිරීමට උත්සාහ කිරීමත් සමඟය.
ඔහු තනතුරෙන් ඉවත් කරන උපදෙස් ලැබුණේ උප ජනපතිවරයා හා ඔහුගේ පුත්‍රයා එක්ව කළ අක්‍රමිකතාවකට චෝදනා ලැබීම හේතුවෙනි.
zzමම හිතුවේ මම ඉන්නේ පොලිසියට සහාය දක්වපු උප ජනපතිවරයා සමඟ කියා. ඒත් එහෙම වුණේ නැහැ. මම පොලිස් නිලධාරියෙක් වූ නිසා ඔහුගේ සමච්චලයට ලක්වුණාZZ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකු වන එල්මර් ජමියාස් උපුටා දක්වමින් එරට මාධ්‍ය වාර්තා කළේය.
zzමම ඔහුට ආචාර කළා. එහෙත් ඔහු ලැබිය යුතු නිසි ප්‍රතිචාරය දැක්වූයේ නැහැ. ඔහු මගේ නාම ලාංඡනය දිහා බලා ඔහු ආවේ මා නගරයෙන් පන්නා දමන්න යැයි කිව්වා.‘ යි පොලිස් අධිකාරී කීවේය.
උප ජනපතිවරයාට හා ඔහුගේ ආරක්ෂකයන්ට එරෙහිව ඉදිරිපත් කළ හැකි අපරාධ චෝදනා සම්බන්ධයෙන් අධ්‍යයන කරන බව පිලිපීන පොලිසියේ ප්‍රධානිහු සඳහන් කළහ.
එල්ල වන සියලූ චෝදනා 73 වන වියෙහි පසුවන උප ජනපති ජෙජෝමාර් බිනෙයි ප්‍රතික්ෂේප කළේය. එළැඹෙන වසරේ පැවැත්වෙන ජනපතිවරණයට ද උප ජනපතිවරයා තරග කිරීමට නියමිත බව වාර්තා වේ.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකු වන එල්මර් ජමියාස්ට පමණක් පොලිසියේ තවත නිලධාරීන් කිහිපදෙනකුට ද උප ජනපතිවරයාත් ඔහුගේ ආරක්ෂකයනුත් හිරිහැර කර ඇතැයි වාර්තා වේ.
උපජනපතිවරයාගේ ආධාරකරුවන් කැරැලි මර්දන පොලිසියට ප්ලාස්ටික් පුටුවලින් පහරදෙන වීඩියෝ පට පෙළක් ද විකාශය කෙරුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
උප ජනපතිවරයාත් ඔහුගේ පුතුත් එක්ව කරන ලද දූෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණ පැවැත්වෙයි.
මැනිලාහිදීය (ඒ.එෆ්.පී)
2025 දෙසැම්බර් මස 18
602
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පිලිපීන උප ජනපති පොලිසියට බැණලා