සිරියානු ජනපති බෂීර් අල් අසාද්ගේ රජය කැරැුලිකරුවන්ට රසායනික අවි යොදාගෙන පහර දෙනවා යැයි චෝදනා කරමින්, එය නිමිත්තක් කර ගෙන සිරියාවට හමුදා ප‍්‍රහාරයක් එල්ල කිරීමට බටහිර රටවල් සූදානම් වන්නේ නම් ඒ අදහස වහාම අත්හරින්නැයි සිරියානු රජයේ මිතුරකු වන රුසියාව ඊයේ (28) අනතුරු ඇඟවීමක් කළේය.
සිරියා රජය පෙරළා දැමීමටත්, ලිබියාවට කළාක් මෙන් එරටට එරෙහිව හමුදා ප‍්‍රහාරයක් එල්ල කිරීමටත් ඇමෙරිකාව, බි‍්‍රතාන්‍යය සහ ප‍්‍රංශය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හරහා යෝජනාවලීන් සම්මත කර ගැනීමට අවස්ථා දෙකකදී උත්සහ කළත් රුසියාව නිෂේධ බලය පාවිච්චි කරමින් ඊට විරෝධය දැක්වීය. ඊට චීනයේ ද සහාය හිමිවිය.
ඇමෙරිකාව ඉරාකය ආක‍්‍රමණය කළේත් සදාම් හුසේන්ගේ පාලනය බිඳ දැම්මේත් ඔහු සතුව සමූල ඝාතක අවි ඇතැයි චෝදනා කරමින්. ඒත් එවැනි අවි කිසිවක් හමුවුණේ නැහැ යැයි රුසියානු නියෝජ්‍ය විදේශ ඇමැති මිකායිල් බොග්ඩනෝව් පවසයි.
සිරියාවට ප‍්‍රහාරයක් එල්ල කිරීමෙන් වළකින්නැයි බොග්ඩනෝව් අනතුරු ඇඟවීමක් කළේ ඇමෙරිකානු ආරක්ෂක ලේකම් චක් හේගල් පෙරේදා (27) කළ ප‍්‍රකාශයක් හේතුවෙනි.
චක් හේගල් කියා සිටියේ සිරියානු රජය රසායනික අවි යොදා ගෙන කැරැුලිකරුවන්ට මෙන්ම සිවිල් වැසියන්ට ද පහර දෙන බවට තමන්ට සාක්ෂි ලැබී ඇති බවය.
සිරියා රජය සතුව රසායනික අවි ඇතැයි ඇමෙරිකාව මීට පෙර අවස්ථාවලදී ද චෝදනා කර ඇත. ඇමෙරිකානු ජනපති බැරැුක් ඔබාමා වරක් කියා සිටියේ එවැනි අවිවලින් පහර දීමක් කළහොත් ඇමෙරිකාව සෘජුව මැදිහත් වී, සිරියාවට ප‍්‍රහාර එල්ල කරන බවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොව තෙල් ඇති කුඩා රටවල් සහ අනෙකුත් සෑම රටකටම බලපෑම් ඇතිකරන සහ ඇතිකරවා, පසුව එම රටවල් සූරාගන කෑමයි බටහිරයන්ගේ ක්‍රමය.බල උද්දාමයෙන් උඩ පනින මොවුන් හට මෙය හොද පාඩමක්.මෙතෙක් ත්‍රස්නයන් සහ රසායණ අවි ඇතැයි කියා දැනටමත් රටවල් කීපයක් විනාශකර ඇත. රුසියාව සහ චීනය නොමැතිනම් ලොව සතර කොන් දක්වා මොවුන් කරණම් ගසාවි. රුසියාව සහ චීනය ඔබලාට ජයශ්‍රී! (අ)
රුසියාව සද්ද නැතුව හිටියට හොඳ යුද බලයක් තියෙන රටක්. ඇමෙරිකාවට ලේසි වෙන්නෑ ඒගොල්ලොත් එක්ක.(නු)
රුසියාවට කරන්න පුළුවන් දෙයක් නැහැ. බොරුවට කියවනවා ඩ