IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


කශෝග්ජි ඝාතනයට සෞදි කුමරුට දඩුවම් කරන්න ප්‍රමාද වෙන්න එපා

සෞදි මාධ්‍යවේදී ජමාල් කෂෝග්ජිගේ ඝාතනය සම්බන්ධයෙන් අනුමැතිය දුන් බව කියන එරට ඔටුන්න හිමි මුහම්මද් බින් සල්මාන් කුමරුට ප්‍රමාද නොකර දඩුවම් පමුණුවන්නැයි, කොෂෝග්ජිගේ පෙම්වතිය වන හැටිස් සෙන්ගිස් මෙනෙවිය ප්‍රකාශ කරයි.

ලැබී ඇති ඇමෙරිකානු බුද්ධි වාර්තා අනුව, සල්මාන් කුමරු එම ඝාතනයට සිය අනුමැතිය පළකර ඇතැයි තහවුරු වී තිබේ.

වොෂින්ටන් පෝස්ට් පුවත්පතේ තීරු ලිපි රචකයකු වූ ජමාල් කෂෝග්ජි, සවුදි  අරාබියේ ඔටුන්න හිමි සල්මාන් කුමරු සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක අදහස් දැරුවේය. සවුදියේ සිදුවෙන දේශපාලන පළිගැනීම්, ඝාතන සම්බන්ධයෙන් ඔහුගේ විරෝධය සල්මාන් කුමරු වෙත එල්ල විය.
 
වර්ෂ 2018 ඔක්තෝම්බර් 2 වන දිනයේ ඉස්තාන්බුල්හි පිහිටි සෞදි තානාපති කාර්යාලයේදී, කෂෝග්ජි කෲර ලෙසින් ඝාතනය කෙරිණි. සෞදි රජයේ ඉහළ ම තනතුරු හා සම්බන්ධතා පවත්වන පිරිසක් විසින් මෙම ඝාතනය කරන ලදැයි රජයට ද චෝදනා එල්ල විය.

ඉකුත් සිකුරාදා දිනයේදී ඇමෙරිකානු බුද්ධි වාර්ථා අනාවරණය කළේ, එම ඝාතනය සල්මාන් කුමරුගෙ අනුමැතියට යටත්ව සිදුව ඇති බවයි. කෙසේවෙතත් සවුදි රජය විසින් මෙය ප්‍රතික්ෂේප කරන ලදී.

"සවුදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරුට තවත් ප්‍රමාද නොකර දඩුවම් හිමි විය යුතුයි. ඔහුට දඩුවම් නොදුන්නොත් එයින් අදහස් වෙන්නෙ, වැරැද්දක් කළයි ඔප්පු වුණු අපරාධකරුවෙක්ට පහසුවෙන් තමන් කළ චෝදනාවෙන් ඉවත්වෙලා ‍යන්න පුලුවන්ය කියන සදාතනික බයානක පණිවිඩයයි. එවැන්නක් වීම අපි හැමෝටම තර්ජනයක්" යැයි සෙන්ගිස් මෙනෙවිය සදහන් කළාය.

(රොයිටර්)
6844



අදහස් (9)

කශෝග්ජි ඝාතනයට සෞදි කුමරුට දඩුවම් කරන්න ප්‍රමාද වෙන්න එපා

සමිත සේනක අලුත්ගමගේ. Monday, 01 March 2021 01:23 PM

නව ලෝකයක් බිහිකිරීමට ගොස් තම ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවූ අභීත මාධ්‍යවේදියාට සැමගේ උපහාරය...!!! තම ජාතියේ .., තම වර්ගයාගේ.., තම රජුගේ වුවද, වරද හා අසාධාරණකම් ඉදිරියේ නොබියව සටන් වැදුණු මේ උදාර පුරුෂයා අන්තවාදී ලෙස සිතන ඇතැම් මුස්ලිම්වරුන්ට ආදර්ශයක්... දේශපාලකයන් වන්දනාමාන කොට, ගැත්තන් සේ ඔවුන් සරණ ගොස් සියලු සැප ලබනා ඇතැම් මාධ්‍යකරුවන්ටත් ඔහු අගනා ආදර්ශයක්... මෙවැනි වීරයන් මිය යනුයේ ශරීරයෙන් පමණි. සල්මන් රුෂ්ඩි ද මෙවන් අභීත මිනිසෙකි.

:       5       46

NuwanMonday, 01 March 2021 02:04 PM

තස්ලිමා නස්ලින් තවත් නිර්භීත ලේඛිකාවක්...!!! 

:       5       27

KalumTuesday, 02 March 2021 06:31 AM

ඔව් අපේ රටේ ඇතැම් ස්වාමීන් වහන්සේලා කොයිතරම් රජයට කඩේ යනවද කියලා බැලුවාම මේ වගේ ශ්‍රේෂ්ඨ මාධ්‍යෙව්දීන්ට අපි ගරු කරන්න ඕනේ..

:       2       8

RaveendraTuesday, 02 March 2021 06:40 AM

ඔබගේ අදහස් ඉතාමත්ම නිවැරදියි.

:       1       6

Hafeel Monday, 01 March 2021 01:59 PM

සෞදි අරාබියාවේ නීතිත්, මේ රටේ නීතිත් එක වගේ තමයි ක්‍රියාත්මක වෙන්නෙත්...

:       18       27

sharm warnFriday, 05 March 2021 05:13 AM

මෙහෙත් එහෙ වගේ වෙන්න තමයි ගස්, කොළන් එහෙම විනාශ කරලා සැලසුම් කරගෙන යන්නේ. හරිම ප්‍රීතියි.

:       0       1

අමිල Monday, 01 March 2021 05:41 PM

මරණය නියත බව දැන සිය වගකීම ඉටුකළ ප්‍රගීත්, ලසන්ත ඝාතකයින්ටත් දඬුවම් ලබා දෙනු...!!! 

:       2       3

මුණසිංහ Tuesday, 02 March 2021 02:25 AM

ලංකාවට එරෙහිව ක්‍රියාත්මක වන සංවිධාන මෙතනදී කෝ...?

:       0       3

sharm warn Friday, 05 March 2021 05:14 AM

එතකොට එයාගේ මානව හිමිකම් වෙනුවෙන් ජිනීවා යන්න කට්ටිය නැද්ද? මම අහන්නේ ඔය බටහිර රටවල නටන එන්.ජී.ඕ. කාරයින් ගැන..

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 646 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 533 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 440 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site