ඉන්දියා ධිවරයින් දිගින් දිගටම ශ්‍රී ලංකාවෙන් අත් අඩංගුවට ගනිතියි ඉන්දීය රාජ්‍ය සභාවේ සෙනසුරාදා දැඩි උණුසුම්කාරී තත්ත්වයක් මතුවූ බව නව දිල්ලි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාල ආරංචි කියයි.
ගතවූ දින පහේදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඉන්දීය ධිවරයින් 40 දෙනකු අත් අඩංගුවට ගැනීම පිළිබඳ විරෝධය දක්වමින් තමිල්නාඩුවේ එම්.කරුණානිධිගේ ඩී.එම්.කේ. සහ හිටපු මහ ඇමතිනී ජයලලිතා ජයරාම්ගේ නායකත්වයෙන් යුතු ඒ.අයි.ඒ.ඩී.එම්.කේ යන පක්ෂ මන්ත්‍රීහු කෑ ගැසූහ.
ඉන්දීය රාජ්‍ය සභා මන්ත්‍රීවරුන් ඊයේ (13) ශ්‍රී ලංකා විරෝධී අදහස් දැක්වූ අවස්ථාවේදී අගමැති නරේන්ද්‍ර මෝදි මහතාද රාජ්‍ය සභාවේ අසුන්ගෙන සිටි බැව් වාර්තාවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුක්තිය සාධාරණය තේරුම් ගන්න. නීති රීති උල්ලන්ගය නොකරන්න.එතකොට ලංකාවේ අයවත්, ඉන්දියාවේ අයවත් ඔය තත්වෙට පත් වෙන් නැහැ. (බ)
දෙරට අතර සුවිසල් අර්බුදයකට තුඩුදිය හැකි මෙම ගැටළුවට විසඳුමක් සෙවීමට වහාම දෙරට නායකයෝ කටයුතු කළයුතුය. තවද අප නාවික භටයින් මෙම නීතිවිරෝධී අය අත්අඩංගුවට ගනු ලබන්නේ තම ජීවිතය පරදුවට තබා බව අමතක නොකළ යුතුය (නි)