මරා දැමුණු තලේබාන් බෝම්බකරුවන්ගේ සිරුරු කොටස් ප‍්‍රදර්ශනය කරන ඇමෙරිකන් සෙබළුන්ගේ ඡුායාරූප, පෙරේදා (18) ඇමෙරිකාවේ ‘නිව්යෝක් ටයිම්ස්’ පුවත්පතේ පළ වීමත් සමඟ ඇෆ්ගන් වැසියන්ගෙන් ඊට දැඩි විරෝධයක් එල්ල විය. ඇෆ්ගනිස්තානයේ කාබුල් ඇතුළු නගර කිහිපයක ඊයේ (19) ඇමෙරිකා විරෝධී උද්ඝෝෂණ පැවැත්වුණු අතර ඇමෙරිකා ධජ ගිනිබත් කිරීම් ද එහිදී සිදුවිය. එම සිද්ධිය සම්බන්ධයෙන් ඇෆ්ගන් ජනපති හමීඞ් කර්සායි ද සිය විරෝධය පළ කර ඇත. ඇමෙරිකා හමුදා තව තවත් අපකීර්තියට ලක් වූ එම සිදුවීම සම්බන්ධයෙන් ධවල මන්දිරය ප‍්‍රකාශයක් නිකුත් කළ අතර, එහි සඳහන් වන්නේ ඇමෙරිකන් සොල්දාදුවන්ගේ කි‍්‍රයා කලාපය කිසිසේත් අනුමත කළ නොහැකි බවය. මේ අතර එම ඡායාරූප ‘නිව්යෝක් ටයිම්ස්’ පුවත්පතේ පළ කිරීම සම්බන්ධයෙන් ඇමෙරිකා රජය එම පුවත්පතට දොස් පවරයි. නිව්යෝක් ටයිම්ස් පුවත්පත එම ඡායාරූප පළ කර ඇත්තේ ඒවා පළ කරන බව ඇමෙරිකා ආරක්ෂක අංශ සහ රාජ්‍ය දෙපාර්තමේන්තුව කල් තියා දැනුවත් කරමින්ය. එම අවස්ථාවේදී ඡායාරූප පළ නොකර සිටින්නැයි ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කර ඇති නමුත් නිව්යෝක් ටයිම්ස් පුවත්පත එම ඉල්ලීම ඉවත දමා ඇත.
1
කුලී ගෙවල් අලුත් පනතින් ගෙහිමියන්ට පදිංචිකරුවන්ට වෙන්න පුළුවන් දේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd