එක්සත් ජාතීන්ගේ සංවිධානය පනවා ඇති සම්බාධක ඉවත් කර, දකුණු කොරියාව හා යුද අභ්‍යාස පැවැත්වීමෙන් වැළැකී සිටීමට ඇමෙරිකාව කි‍්‍රයාකරන්නේ නම් සාම සාකච්ඡා සඳහා තම රජය සූදානමින් සිටින බව උතුරු කොරියාව කියයි.
කොරියා අර්ධද්වීපය යුද්ධයකට යාමෙන් වළක්වා ගැනීම සඳහා උතුරු කොරියානු හමුදා ප‍්‍රධානීන් ඇමෙරිකාව හා දකුණු කොරියාව සමඟ සාකච්ඡා පැවැත්වීමට සූදානමින් සිටී.
කෙසේ නමුත් මෙම සාකච්ඡුාවලට තමන් අවතීර්ණ වන්නේ තමනට පනවා ඇති සම්බාධ ඉවත් කිරීම, ඇමෙරිකා-දකුණු කොරියා යුද අභ්‍යාස නැවැත්වීම වැනි කොන්දේසි ගණනාවකට එකඟවුවහොත් පමණක් බව උතුරු කොරියාව අවධාරණය කරයි.
උතුරු කොරියාවේ මෙම කොන්දේසි ප‍්‍රතික්ෂේප කරන දකුණු කොරියාව පවසන්නේ න්‍යෂ්ටික අත්හදාබැලීම් නැවැත්වීමට උතුරු කොරියාව පියවර ගන්නේ නම් ද්වීපාර්ශ්වික සාකච්ඡා සඳහා සූදානම් බවයි.
සාකච්ඡාවලට අවතීර්ණවීමට උතුරු කොරියාව ගත් තීරණය කොරියා අර්ධද්වීපය මුල් කරගෙන යුද්ධයක් ඇතිවීමේ අවදානම පහව යන බවට සුබ ලකුණක් බව දේශපාලන විශ්ලේෂකයෝ පවසති.
COMMENTS
උතුරු කොරියාවේ බොරු කයිවාරු මිසක් වෙන දෙයක් නැහැ. දන්නවා ඉරාකෙට වෙච්ච දේ එයාලටත් වෙන බව. ඇමරිකාව වැඩිපුරම කරන්නේ යුද්දෙට ආයුධ හදන එක. ඇමෙරිකාවට ඕනෑ ඒවා ටෙස්ට් කරන්න. ඒකනේ හැමතැනම යුද්ධ වලටම අතගහන්නේ (නි)
සතටුදායක ආරංචියක්, සාමය උදාවේවා! (නි)
සැලෙන්න එපා කිසිම දේකට. හිටපු ස්ථාවරයේම ඉන්න. (නි)
වෙන රටක් ඔහොම කළා නම් ඩ්‍රෝන ගහනවා කියයි. (නි)