ඇෆ්ගනිස්ථානයේ නැගෙනහිර ගාස්නි නගරයේදී තලේබාන් කැරළිකරුවන් විසින් පොලිස් නිලධාරීන් නවදෙනකු මරාදමා ඇතැයි වාර්තා වේ.
පොලිස් මුරපොළකට තලේබාන් කැරළිකරුවන් පහරදී ඇති අතර එම ස්ථානයට පැමිණෙමින් සිටි පොලිස් නිලධාරීන්ව මග රැකසිට පහරදී ඝාතනය කර ඇත.
මියගිය පිරිස අතර පොලිස් ස්ථානාධිපතිවරයෙකු ද සිටින බවත් බලධාරීහු පවසති.
තලේබාන් කැරළිකරුවන් ගැටුම් ආරම්භ කළ 2014 වර්ෂයේ සිට මේ දක්වා ආරක්ෂක අංශ සාමාජිකයින් 45000ක් පමණ මියගොස් ඇති බව ඇෆ්ගනිස්ථාන ජනපති අශ්රෆ් ඝානි මහතා පවසයි.
(විදෙස් පුවත් ඇසුරිණි - 085)

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.