IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


යුක්රේන මාධ්‍යවේදියකුට රුසියානු අධිකරණයෙන් වසර 12ක සිර දඬුවමක්

මොස්කව්හිදීය (රොයිටර්)
 
රුසියානු අධිකරණයක් අද (12) යුක්රේන මාධ්‍යවේදියකුට වසර 12ක සිර දඬුවමක් නියම කළේය.

 
යුක්රේනය වෙනුවෙන් චරපුරුෂ සේවයේ යෙදුණු  බවට චෝදනා කරමින් යුක්රේන මාධ්‍යවේදියාට මෙලෙස සිර දඬුවම් නියම කෙරුණි. සිරදඬුවම් නියම වූයේ 49 හැවිරිදි වියේ පසුවන යුක්රේන මාධ්‍යවේදී රොමාන් ෂෂ්ච්චෙන්කෝය. 
 
රොමාන් පැරිසියේ සිට මොස්කව් නුවරට පැමිණි අතර එහිදි ඔහු යුක්රේනයේ රාජ්‍ය පුවත් ආයතනය වන ‘යුක්රිනිෆෝම්’ හි වාර්තාකරුවකු ලෙස සේවය කළේය. හෙතෙම 2016 වසරේදී රුසියාවේ එෆ්.එස්.බී ආරක්ෂක සේවයේ අත්අඩංගුවට පත්විය. 
 
මෙම සිදුවීමත් සමඟ යුක්රේනය සහ රුසියාව අතර තිබෙන මතභේදාත්මක තත්ත්වය තවදුරටත් උග්‍ර වනු ඇත.
 
යුක්රේනයේ සිටි රුසියානු හිතවාදී ජනාධිපතිවරයා බලයෙන් පහ කිරීමත්, රුසියාව ක්‍රිමියා කලාපය අල්ලා ගැනීමත් යනාදි සිදුවීම් හේතුවෙන් 2014 වසරේ සිට දෙරට අතර සබඳතා පළුදු වී තිබේ. මේ සිදුවීම් දාමයත් සමඟ යුක්රේනයේ නැගෙනහිර පෙදෙසේ රුසියානු හිතවාදී බෙදුම්වාදී කැරැල්ලක් ද ඇති විය. 
 
රුසියානු ආරක්ෂක අංශ සම්බන්ධයෙන් රහස් තොරතුරු එකතු කළ බවට රොමාන්ට චෝදනා එල්ල වන නමුත් හෙතෙම එම චෝදනා ප්‍රතික්ෂේප කරයි. 



අදහස් (0)

යුක්රේන මාධ්‍යවේදියකුට රුසියානු අධිකරණයෙන් වසර 12ක සිර දඬුවමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site