IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


මළවුන්ගේ බැංකු පොතටත් විදී

තවමත් ආගිය අතක් සොයාගත නොහැකිව තිබෙන මලයාසියා ගුවන්සේවයට අයත් එම්.එච් 370 අංක දරන ගුවන්යානයේ සිටි මගීන්ගේ බැංකු ගිණුම් වලින් අයථා ලෙස මුදල් ලබා ගත් බව කියන බැංකු නිළධාරිනියක හා ඇයගේ සැමියා මලයාසියා පොලිසියෙන් සැක පිට අත්අඩංගුවට ගනු ලැබුහ.

මගීන්ගේ ගිණුම් වලින් මුදල් අතුරුදන් වෙමින් තිබෙන්නේයැයි ලැබුණු තොරතුරක් මත පරීක්ෂණ සිදුකැරිණි.

මගීන් කොහේ හෝ ජීවතුන් අතර සිටින්නේයැයි නව බලාපොරොත්තුවක් මේ සමග ඇතිවුණද එය අවසානයේ දී බොඳ වී ගියේය.

පොලිස් ආරංචි මාර්ග වලට අනුම මේ සැමියා හා බිරිඳ මගීන් තිදෙනෙකුගේ බැංකු ගිණුම් වල තිබූ මුදල්,තවත් මගියෙකුගේ ගිණුමට බැර කොට අනතුරුව එම මගියාගේ ගිණුම අත්හිටුවා දමා එහි වූ සියලූ මුදල් ලබාගෙන තිබේ.

ලබාගෙන ඇති මුදල ඩොලර් 30000 කට  (රුපියල් 3930000) ආසන්නය.                                                                   

මෙලෙසම අයථා ලෙස යානයේ සිටි මගීන්ගේ බැංකු ගිණුම් වලින් මුදල් ලබාගෙන තිබෙන පකිස්තාන ජාතිකයෙකු සොයාද පොලිස් පරීක්ෂණ කි‍්‍රයාත්මකය.

මගීන් හා කාර්යමණ්ඩලය ඇතුලූ 239 දෙනෙකු සමග මලයාසියාවේ ක්වාලාලම්පූර් සිට චීනයේ බීජිං බලා පියාසර කරමින් තිබියදී පසුගිය මාර්තු මාසයේදී අතුරුදන්වූ එම්.එච් 370 අංක දරන ගුවන්යානය පිළිඹද මේ දක්වාම කිසිදු තොරතුරක් සොයාගැනීමට හැකිව නොමැත.

යානය අතුරුදන්වූ ඉන්දියා සාගර කලාපයේ විමර්ෂණ කටයුතු තවමත් කි‍්‍රයාත්මකව පවතින අතර මේ වන විට මුහුද මතුපිට වර්ග කිලෝමිීටර 60000 කට ආසන්න වපසරියක් ආවරණය කර ඇතැයි සදහන්ය.

එළැඹෙන සැප්තැම්බර් මාසයේ සයුරු ගැඹුරේ විමර්ෂණ කටයුතු ආරම්භ කිරීමට නියමිතය.

 



අදහස් (0)

මළවුන්ගේ බැංකු පොතටත් විදී

හේවාවිතාරණ Sunday, 17 August 2014 01:53 PM

ඒ දෙන්න හිතාගෙන ඇති අපායට ගිහිල්ල සල්ලි ටික ආපසු එවනවා කියල (දී)

:       0       0

හේවාවිතාරණ Sunday, 17 August 2014 03:25 PM

ඔවුන්ටත් එසේම වේවා ! (ස)

:       0       0

ඛමෙල් Sunday, 17 August 2014 07:57 AM

මේ මිනිස්සු නමින් ඉන්න තිරිසන්නු .... (දී)

:       0       0

සුසිරිවර්ධන Sunday, 17 August 2014 08:45 AM

මෙහෙමත් මිනිස්සු ඉන්න ලෝකෙක තමයි අපි ඉන්නේ මතක තියා ගන්න (දී)

:       0       0

රුවන්තිකා Sunday, 17 August 2014 10:50 AM

දැන් සල්ලිවලටනේ හැමදේම.අමුතුම ලෝකයක් වෙලා (දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 276 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 407 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 390 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site