
බටහිර ප්‍රංශයේ බොඩෝව් නගරයට නුදුරින් වනාන්තරයේ බිහිසුණු ළැව් ගින්නක් පැතිර යමින් පවතින බවත්, එය නිවා දැමීමට ගිනි නිවන භටයන් 1,000 කට වැඩි පිරිසක් යොදවා ඇති බවත් වාර්තා වේ.
මේ වනවිටත් හෙක්ටයාර් 7,000 ක් ගින්නෙන් විනාශ වී ඇතැයි ද පැවැසෙයි. ගින්න බොඩෝව් නගරය දෙසට ව්‍යාප්ත වෙද්දී නිවාස 10,000 ක නිවැසියන් එම නිවාසවලින් ඉවත් කිරීමට බලධාරීන්ට සිදුවිය.
ළැව් ගින්න නිවා දැමීමට ප්‍රංශ ගිනි නිවන භටයන්ට සහාය වීමට ජර්මනියෙන්, ඔස්ට්‍රියාවෙන්, ග්‍රීසියෙන්, පෝලන්තයෙන් සහ රොමේනියාවෙන් ගිනි නිවන භට කණ්ඩායම් ගෙන්වා ගන්නා බව ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් පවසා තිබේ.
(බීබීසී)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd