ඇමරිකාවේ ආරක්ෂක ලේකම් මාර්ක් එස්පර් මහතා අද(23) ඉරාකයේ බැග්බෑඩ් නුවරට පැමිණ ඇත.
සිරියාවෙන් ඉවත් කර ගනිමින් පවතින ඇමරිකානු භට පිරිස් කොපමණ කාලයක් ඉරාකයේ රඳවා තබන්නේද යන්න සාකච්ඡා කිරීම මෙම චාරිකාවේ අරමුණ බව සඳහන් වේ.
ඉරාකය හරහා ගමන් කරන ඇමරිකානු හමුදාවන්ට ඉරාකයේ රැඳී සිටීමට අවසර නැති බවත් තාවකාලිකව රැඳි සිටිමට පමණක් ඉඩදියහැකි බවත් ඉරාක ආරක්ෂක අංෂ පවසා තිබිණි.
ඇමරිකානු ආරක්ෂක ලේකම්වරයා ඉරාක අගමැති අඩෙල් අබ්දුල් මේදි මහතා සමග මේ සම්බන්දව සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇත.
"ඉරාකයේ ස්වාධීනත්වය ස්ථාවරව රඳවා ගැනීමට අනුබල දීමට අප ප්‍රමුඛත්වය දෙනවා" යැයි එස්පර් මහතා පවසයි.
කෙසේවුවද අවසානයේ ඔහු පවසා ඇත්තේ තම භට පිරිස් ඇමරිකාව වෙත කැඳවීමට තීරණය කර ඇති බවයි.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සෙල්ලා හිටපු කෙනෙක් ඉරාකයට ගිහිල්ලා කිවේ රසායනික අවි තියනවා කියලා. මුළු මැද පෙරදිගම අවුල් කළා ඊට පස්සේ. මෙයා මොනවා කියයිද දන්නේ නැහැ.