IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


නවදිල්ලිය විස මීදුමකින් වැසෙයි

නවදිල්ලියේදීය (රොයිටර්)
 
නිර්දේශ කර තිබෙන වායුවලට දස ගුණයකින් වැඩි විස සහිත මීදුම සහ දුම මිශ්‍ර ඝණ පටලයකින් අසල්වැසි ඉන්දියාවේ අගනුවර වන නවදිල්ලි නුවර වැසී ගොස් ඇතැයි වාර්තා වේ. 
 
මෙම තත්ත්වය ඇති වී මේ වනවිට සති දෙකක් ගෙවී ගොස් තිබෙන අතර මහජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් තත්ත්වයක පවත්වාගැනීමේ අභියෝගයකට එරට සෞඛ්‍ය බලධාරීහූ මුහුණ පා සිටිති.  
 
ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් පැතිර තිබෙන වායුව විස මට්ටම මැන බලා තිබෙන අතර එය සඳුඳා (13) දහවල් වන විට අදාළ මිනුම් ක්‍රමයේ දර්ශක අගය 498ක් වාර්තා කර තිබේ. මිනිසුන්ට ආශ්වාස ප්‍රාශ්වාස කිරීම සුදුසු වාතයේ අදාළ අගය 50ක් බව ද පැවසේ. ඉදිරි දින තුනක කාලයේදී වර්ෂාව ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවත් එයින් මෙම තත්ත්වය පහව යනු ඇතැයි ද ඉන්දීය කාලගුණා විද්‍යා කාර්යාලය සඳහන් කළේය. 
 
දැනට තිබෙන විස වායු තත්ත්වය හේතුවෙන් පෙනහළුවල රෝග සහ වෙනත් රෝගාබාධා ඇතිවීමේ අවදානමක් ඇතැයි ද සෞඛ්‍ය බලධාරීහූ පෙන්වා දෙති. මෙම තත්ත්වය හේතුවෙන් කුඩා දරුවන් රෝගී තත්ත්වයට පත්වූ බව ට තොරතුරු වාර්තා වූ බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබිණි.
 
055



අදහස් (3)

නවදිල්ලිය විස මීදුමකින් වැසෙයි

රජින්ද Tuesday, 14 November 2017 08:45 AM

ලංකාවටත් කෙටි කාලෙකින් මෙහෙම වෙන්න පුළුවන්, චීනෙන්, ඉන්දියාවෙන් අපේ රටට එන කර්මාන්ත ආයෝජන ගැන දැඩි විමසිල්ලෙන් සිටිය යුතුයි. ඔවුන් එම රටවල වායුගෝලය අපිරිසිදු කරන ව්‍යාපෘති අපේ රටට ආයෝජන විදිහට ගෙනෙන්න පුළුවන්. ඒ නිසා අපේ මිනිස්සුන්ට රැකියා අවස්ථා සලසන්න කියල මෙවැනි භයානක තීරණ නොගත යුතු අතර, එවැනි හානිදායක කර්මාන්තශාලා වලින් නිපදවෙන නිපැයුම් අපේ රටවල භාවිතය අවම කිරීම කලයුතුයි.

:       1       73

sarath Tuesday, 14 November 2017 02:29 PM

ලංකාවේ මහනුවර ඉක්මනින් මේ තත්වයට පත්වෙමින් පවතිනවා. ඉන්න පාලකයෝ කොමිස් කුට්ටි හොයා හොයා දඟලනකොට පෙරහැර ගිහින් තියෙයි. මහනුවරට පැමිණෙන අධික වාහන ප්‍රමාණය කෙසේ හෝ නැවත බැටරියෙන් දුවන බස් සේවයක් මහනුවර නගරය ඇතුලත ස්ථාපිත කලයුතුයි . කටුගස්තොට.පේරාදෙණිය තැන්නේ කුඹුර මංසන්දි වලින් ඇතුල්වන ඩීසල් වාහන ප්‍රමාණය පාලනය කල යුතු අතර ඩීසල් වාහන සඳහා දුම්පෙරන අනිවාර්යය කල යුතුයි. කාර්යක්ෂම බස් සේවයක් තුලින් කාර් ,වෑන්,ත්‍රීරෝද රථ වලින් නගරයට එන පිරිස බින්දුවටම බැස්සවිය යුතුයි. දැනටමත් පමා වැඩියි

:       40       17

Ruwan Wednesday, 15 November 2017 03:47 AM

ප්‍රභා රසායනික දූමිකාව.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 664 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1110 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site