දශක ගණනක් තිස්සේ මියන්මාරයේ හමුදා පාලනය නිමා කිරීමේ අරමුණින් එරට විපක්ෂ නායිකා අවුන් සාන් සූ කී එළැඹෙන අපේ‍්‍රල් 1 වැනිදා පැවැත්වීමට නියමිත අතුරු මැතිවරණයට ඉදිරිපත්වීම සඳහා ඊයේ (18) ලියාපදිංචි වූ බව මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
නොබෙල් සාම ත්‍යාගලාභිනියක ද වන සූ කී ගතවී ගිය විසි වසරින් වැඩි කාලයක් ගත කළේ නිවාස අඩස්සියේය. ඇයට නිදහස හිමිවූයේ ඉකුත් වසරේ මියන්මාරයේ පැවැති මහ මැතිවරණයෙන් පසුවය. කෙසේ නමුත් මැතිවරණයෙන් ජය ගත්තේ මියන්මාර හමුදාවට හිතවත් දේශපාලන පක්ෂයයි.
ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා වූ ජාතික ලීගයෙන් මැතිවරණයක් සඳහා ලියාපදිංචි වූ පළමුවැන්නා ලෙස සූකී හඳුන්වාදිය හැකි බව පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවැසීය.
මියන්මාර හමුදා පාලනය සහ විපක්ෂය අතර ඇති වූ සංවාදයේ ප‍්‍රතිපලයක් ලෙස වසර 66ක ඉතිහාසයක් ඇති ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා වූ ජාතික ලීගයට’ නැවත නිල වශයෙන් දේශපාලනයට පිවීසීමට අවස්ථාව ලැබී ඇත.
2025 දෙසැම්බර් මස 04
196
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
376
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
384
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මියන්මාර් අතුරු මැතිවරණයට අවුන් සාන් සූ කී සුදානම්