IMG-LOGO

2025 ඔක්තෝබර් මස 15 වන බදාදා


ඉතියෝපියා අගමැති දිවියෙන් සමුගනී

දශක දෙකක් තිස්සේ ඉතියෝපියාවේ අගමැති ධූරය දැරූ පනස්හත් හැවිරිදි මෙලේස් සෙනාවි විදෙස් රෝහලක ප‍්‍රතිකාර ලබමින් සිටියදී පෙරේදා(21) මියගිය බව එරට රජය ප‍්‍රකාශ කළේය. මීට මාස දෙකකට පෙර හදිසියේ රෝගාතුරවීම හේතුවෙන් ප‍්‍රතිකාර ගැනීම සඳහා බ‍්‍රසල්ස්හි පිහිටි රෝහලක් වෙත මෙලේස් මාරු කර යවා ඇති බවත් එහිදී අගමැතිවරයා මියගොස් ඇති බවත් එරට රජය වැඩිදුරටත් සඳහන් කළේය. ඉතියෝපියාවේ ඒකාධිපති පාලනයක් ගෙන ගිය මෙන්ගිට්සු හයිලේ මරියම් බලයෙන් පහකර 1991 දී බලයට පත් වූ මෙලේස් එරට කැරැලි නායකයෙකි. අගමැතිවරයාගේ අභාවයෙන් හිස් වූ ධූරයට එරට උප අගමැති ලෙස කටයුතු කරන පනස්හත් හැවිරිදි හේලිමරියාම් ඩෙසලෙගන් පත් කරනු ඇතැයි වාර්තා වේ. මෙලේස් ශ්‍රේෂ්ඨ නායකයකු බව පැවසූ කෙන්යා අගමැති රයිලා ඔඩින්ගා සඳහන් කළේ ඔහුගේ මරණයෙන් පසුව ඉතියෝපියාවේ අනාගතය පිළිබඳ සැකසංකා මතුවන බවයි.



අදහස් (0)

ඉතියෝපියා අගමැති දිවියෙන් සමුගනී

දිල්ශානි Thursday, 23 August 2012 02:59 PM

මා දන්නා තරමින් ඔහු හොද කෙනෙක් (නි)

:       0       0

අමිල කටුනායක Thursday, 23 August 2012 12:38 PM

මොහුගේ කාලයේදී එම රටවැසියන්ට යම්කිසි සහනයක් ලැබුණා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 690 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 871 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 370 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site