IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


යුරේනියම් බලගැන්වීම අඛණ්ඩව සිදු කරනවා

ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල විවේචනයට බඳුන්ව ඇති ඉරාන න්‍යෂ්ටික වැඩසටහන යටතේ  සිදු කෙරෙන යුරේනියම් බලගැන්වීමේ කි‍්‍රයාවලිය අඛණ්ඩව සිදු කරන බව අන්තර්ජාතික පරමාණු බලශක්ති ආයතනයේ ඉරාන නියෝජිත අලි අස්ගාර් සොල්ටනේ පෙරේදා (28) පැවැසීය. මෙසේ යුරේනියම් බලගැන්වීමේ කි‍්‍රයාවලිය අන්තර්ජාතික පරමාණු බලශක්ති ආයතනයේ අධීක්ෂණය යටතේ අඛණ්ඩව සිදු කරන බව ද අලි අස්ගාර් සොල්ටනේ වැඩිදුරටත් කියා සිටියේය. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය ඉරාන රජයට න්‍යෂ්ටික වැඩසටහන නවත්වන ලෙසට අවස්ථා කිහිපයකදීම දන්වා සිටියේය. නමුත් ඉරානය ඊට ප‍්‍රතිචාර නොදැක්වූ හෙයින් එරටට එරෙහිව සම්බාධක පැනවීමට ආරක්ෂක කවුන්සිලය කටයුතු කළේය. මේ වසරේදී ඉරාන න්‍යෂ්ටික අර්බුදය සම්බන්ධයෙන් යම් එකඟතාවකට පැමිණීමට ආරක්ෂක කවුන්සිලයට අයත් රාජ්‍යයන් සහ ඉරානය අතර සාකච්ඡුා වට කිහිපයක් පැවැත්වුණද ඒවා අසාර්ථක විය. ඇමෙරිකාව සහ ඊශ‍්‍රායලය පවසන්නේ ඉරාන න්‍යෂ්ටික වැඩසටහනේ අරමුණ විනාශකාරී පරමාණු බෝම්බයක් නිපදවීම බවයි.



අදහස් (0)

යුරේනියම් බලගැන්වීම අඛණ්ඩව සිදු කරනවා

පුලස්ති Friday, 31 August 2012 08:48 AM

අනේ බණ්ඩාර, ඔයාත් හරිම නිවටයෙක් වගෙයි. (නි)

:       0       0

සුනිල් Thursday, 30 August 2012 06:54 PM

‍කෝ කෝ දැන් චණ්ඩි? (නි)

:       0       0

බණ්ඩාර Thursday, 30 August 2012 08:50 PM

ඉවසන්න සුනිල්, මොකක්හරි පොටක් පෑදුණු ගමන් ඉරානය කුඩු කරලා දායි. (නි)

:       0       0

එරංග Saturday, 01 September 2012 11:41 PM

ඇමරිකාවට කඩේ යන එක නවත්තලා නැද්ද තාම... අපේ රටට කරන දේවල් දන්නේ නැතිව වගේ...!!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 37 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 148 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1000 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site