
ඉන්දියාවේ මුම්බායි හි ඊසාන දිග මායිමේ පිහිටි භිවාන්ඩි නගරයේ ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරින් මියගිය සංඛ්‍යාව 20 දක්වා ඉහළ ගොස් තිබේ.
නිවාස 54 කින් යුත් තෙමහල් ගොඩනැගිල්ලක් මෙලෙස කඩා වැටී ඇති අතර සුන්බුන් අතර සිරවී සිටි පිරිස සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බව පොලිසිය පවසයි.
ගොඩනැගිල්ල කඩා වැටුණේ ඊයේ(21) අලුයම් කාලයේ දී ය.
කෙසේවුවද අනතුරින් අතුරුදන් වූවන්ගේ සංඛ්‍යාව තවමත් නිශ්චිත නැතැයි පොලිසිය පවසයි.
ගොඩනැගිල්ල පිහිටා තිබුණේ අවහිර වූ මංතීරුවක බැවින් ගලවා ගැනීමේ කටයුතු දුෂ්කර වී තිබේ. ධාරානිපාත වර්ෂාව නිසා ගොඩනැගිල්ල කඩා වැටෙන්නට ඇතැයි විශ්වාස කෙරේ.
(බීබීසී ඇසුරිණි - 085)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd