ඉන්දියාවේ නවදිල්ලි නුවර ස්වාභාවික වායු දුෂණය ඉහළ ගොස් ඇති බව පරිසරවේදීහු පෙන්වා දෙති.
මේ වන විට නව දිල්ලියේ වායු දුෂණය දුම්වැටි 20 කින් නිකුත් වන දුමාරයකින් වන හානියට සමාන වන බවද පරීසරවේදීහු පවසති.
කාර්මීකරණය හා රථ වාහනවලින් පිටවන දුම් මීට ප්‍රධාන හේතුව වී ඇති බව ඔවුහු කියති.
මෙම තත්ත්වය හේතුවෙන් පෙනහළු පිළිකා වැළදීමේ අවදානමක්ද ඇතැයි එරට සෞඛ්‍ය බලධාරීහු පවසති.
වායුගෝලයේ විශාල වශයෙන් ලෝහ සහ පිළිකා කාරක ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරන අතර පසුගිය සතියේ දිනෙක හුස්ම ගැනීමේ අපහසුතාව ඇති වු රෝගීන් 12 ක් වාර්තා වී ඇති බවද පවසයි.
මේ හේතුවෙන් රෝහල්ගත වන්නන්ගේ ප්‍රමාණය ඉහළ ගොස් ඇතැයිද සෞඛ්‍ය අංශ පවසයි.
කුඩා දරුවන් හා වැඩිහිටියන් වැඩි ප්‍රමාණයක් පරිසරයට නිරාවණය වීමෙන් ශ්වසන පද්ධතියේ සහ අස්ථි පද්ධතියේ බාධා, ඇඳුම වැනී රෝගී තත්ත්වයන්ට ගොදුරු වී ඇති බවත් ඔවුහු පවසති.
දිල්ලි නගරයේ වායු දුෂණය ඉතාමත් අවධානම් ලෙස ඉහළ යාම ඇරැඹි ඇති හෙයින් පාසල් 6,000 කට අධික සංඛ්‍යාවක් මේ හේතුවෙන් වසා දමා ඇති බවත් අර්බුදය විසඳීම සඳහා රථවාහන තදබදය අවම කිරීමටද පියවර ගෙන ඇතැයි මාධ්‍ය වාර්තා කරයි.
පරිසර ඇමැති හර්ෂ් වර්දාන් ප්‍රකාශ කරනුයේ අගමැති නරේන්ද්‍ර මෝදී මහතා මෙම අභියෝගාත්මක මෙම ගැටළුව පිළිබඳව තවමත් නිසි පියවර ගෙන නැති බවත් බයවෙන්නට කිසිදු කාණාවක් නොමැති බවත් වායු දුෂණයෙන් කුඩා දරුවන් ඇතුළු පිරිස ආරක්ෂා කර ගැනීමට පුර්ණ ලෙස රජය ක්‍රියා කරන බවයි.
(36698)
2025 නොවැම්බර් මස 17
78
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
914
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2534
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
නවදිල්ලියේ වායු දුෂණය ඉහළ යාමෙන් පෙනහළු පිළිකා ඇතිවීමේ අවදානමක්