රටේ ජනගහනයෙන් සියයට 70 කට වඩා වැඩි පිරිසකට එන්නත් ලබා දී තිබියදී ඊශ්‍රායලයේ යළිත් වරක් කොරෝනා රැල්ලක් ආරම්භ වී ඇත. මෙම කොරෝනා රැල්ලට හේතුව 'ඩෙල්ටා' විකෘති වයිරස ප්‍රභේදය යැයි ඊශ්‍රායල සෞඛ්‍ය අංශ බිය පළ කරයි.
'ඩෙල්ටා' විකෘතිය මේ වනවිට ලොව රටවල් රැසකට ව්‍යාප්තවී ඇති අතර, ලෝක සෙඛ්‍ය සංවිධානයට අනුව, ලොවට තර්ජනයක් කළ හැකි බිහිසුණු වයිරස විකෘති ප්‍රභේදය වන්නේ ද මෙයයි. 'ඩෙල්ටා' විකෘතියේ ආරම්භය ඉන්දියාවෙනි. ඉන්දියාවේ ආසාදිතයන් සහ මරණ වැඩි කිරීමට හේතුවක් වූයේ ද 'ඩෙල්ටා' ප්‍රභේදයයි. මේ වනවිට යුරෝපා රටවල ද ඇමෙරිකාවේ ද 'ඩෙල්ටා' ප්‍රභේදය වේගයෙන් පැතිර යන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.
'කොවිඩ් 19' වයිරසයට එරෙහි එන්නත්කරණ කටයුතු ඉතාමත් සාර්ථකව සිදු කරමින් පවතින කළ රටක් ලෙස ඊශ්‍රායලය සැලකෙයි. එම සාර්ථක එන්නත්කරණය හමුවේ, මුහුණු ආවරණ පැලඳීම පවා අනිවාර්ය නොවන බව ඊශ්‍රායල සෞඛ්‍ය බලධාරීන් ජනතාවට දැනුම් දුන්නේ පසුගිය මැයි මාසයේය. ඊශ්‍රායල වැසියන්ට ලබා දෙන්නේ ඇමෙරිකාවේ 'ෆයිසර්' සමාගම ජර්මනියේ 'බයෝඇන්ටෙක්' සමාගම සමඟ එක් වී නිපදවූ 'ෆයිසර්' එන්නතය.
ඊශ්‍රායලයේ අවුරුදු 12 ට වැඩි සියලු දෙනාට ද 'ෆයිසර්' එන්නත ලබා දීම සිදුවන අතර, පාසල් පවා යළි ආරම්භ වී දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කිසිදු බාධාවකින් තොරව සිදුවෙමින් පවතී. කෙසේ නමුත් මේ වනවිට නව කොරෝනා පොකුරක් වාර්තා වීමට පටන්ගෙන ඇත්තේ මෙවැනි පසුබිමක් යටතේ යැයි ඊශ්‍රායල මාධ්‍ය වාර්තා කරයි.
ගතවුණු දින 4 දී ඊශ්‍රායලයෙන් නව ආසාදිතයන් 125 දෙනකු වාර්තා වී ඇත. එම 125 දෙනාගෙන් වැඩි දෙනකුගේ සිරුරුවලින් හමුවී ඇත්තේ 'ඩෙල්ටා' විකෘතිය යැයි සෞඛ්‍ය අංශ තහවුරු කරගෙන ඇත.
ඊශ්‍රායල නව අග්‍රාමාත්‍ය නෆ්තාලි බෙනට් ජාතිය අමතමින් කියා සිටියේ නව ආසාදිතයන් පොකුරක් වාර්තා වී ඇති බැවින්, සෞඛ්‍ය අංශ ලබා දෙන මාර්ගෝපදේශ අනුව කටයුතු කරන ලෙසය.
සමාජ දුරස්ථභාවය ආරක්ෂා කර ගන්නා ලෙසත්, අනිවාර්ය නොවුණත් නිවසින් පිටතට යන්නේ නම් මුහුණු ආවරණ පලඳින ලෙසත් අග්‍රාමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත. ඊශ්‍රායල සෞඛ්‍ය අංශ ද නව මාර්ගෝපදේශ හඳුන්වා දීමට සූදානම් වෙයි.
ලොව අනෙක් රටවලට පෙර, 'ෆයිසර්' එන්නත ඊශ්‍රායල වැසියන් වෙනුවෙන් ලබා ගැනීම කළේ එරට හිටපු අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුය. නෙදන්යාහු එසේ කළේ 'ෆයිසර්' සමාගම සමඟ සෘජුව ගනුදෙනු කතා කර ගැනීමෙන් පසුවය.
'ඩෙල්ටා' විකෘතිය ආසාදනය වී ඇත්තේ ද 'ෆයිසර්' එන්නත් මාත්‍රා දෙකම ලබා ගත් අයට යැයි ඇතැම් ඊශ්‍රායල මාධ්‍ය වාර්තා කළත් එරට සෞඛ්‍ය අංශ ඒ බව තහවුරු කර නැත. මේ වනවිට නිපදවා ඇති ඉතාමත් සාර්ථක 'කොවිඩ් 19' ප්‍රතිශක්තිකරණ එන්නතක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ද 'ෆයිසර්' එන්නතට හිමිවී තිබේ. මේ අතර, 'ෆයිසර්' සමාගම පවසා ඇත්තේ ලොවට තර්ජනයක් වෙමින් පවතින 'ඩෙල්ටා' වයිරස විකෘති ප්‍රභේදයෙන් ආරක්ෂා වීමට අවශ්‍ය ප්‍රතිශකත්තිය ඇති කිරීමට තම එන්නතට හැකියාව ඇති බවය.
ටෙල් අවීව් නුවරදීය (රොයිටර්)
2025 නොවැම්බර් මස 04
313
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2128
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1620
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඊශ්‍රායලයේ යළිත් කොරෝනා