විහාරාධිපති තෙල්දෙනියායේ අමිත හිමියන්ගේ අනුශාසනා පරිදි එංගලන්තයේ නොටින්හැම් ශාන්ති විහාරස්ථානයේ කඨින පිංකම පැවැත්විණි.
බර්මින්හැම් ජේතවන විහාරාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහා බ්‍රිතාන්‍යයේ සංඝ නායක කැප්පෙටියාගොඩ ගුණවංශ හිමි, මැන්චෙස්ටර් කේතුමතී බෞද්ධ විහාරාධිපති පිදිවිල්ලේ පියතිස්ස හිමි සහ ලේච්වර්ත් බෞද්ධ විහාරාධිපති දෙදියවල විමල හිමියන්ද ඇතුළුව එංගලන්තයේ විවිධ නඟරයන්හි පිහිටි ශ්‍රී ලාංකික විහාරස්ථාන බොහෝ ගණනක් නියෝජනය කරමින් භික්ෂුන් වහන්සේ 14 නමක් සහභාගී වුහ.
කඨින පින්කමේ දායකත්වය දරන ලද්දේ කුමාරි සහ සුනිල් සිල්වා පවුලේත් ප්රිම්රෝස් සහ දොස්තර උපුල් විජයවර්ධන පවුලේත් සාමාජිකයින් විසිනි.
පසුගිය අගෝස්තු පළමුවෙනි දින පැවැත්වුණ වස් ආරාධනා පින්කමේදී අමිත හිමියන් වෙත වස් වැසීම සඳහා ආරාධනා කැරිණි.
ශාන්ති විහාරයේ දහම් පාසලේ දරු දැරියෝ ද, දෙමාපියෝ ද සහ සැදැහැවත්හු ද සහභාගිවූ අලංකාර පෙරහරකින් පිංකම පැවැත්වුණ ශාලාව වෙත කඨින වස්ත්‍රය වැඩමවනු ලැබුහ.
ලන්ඩන් බෞද්ධ විහාරවාසී කෝන්වැවේ අරියරතන හිමියන් සහ බර්මින්හැම් ජේතවන විහාරවාසී බෙරගම පියරතන හිමියෝ සිංහල සහ ඉංග්‍රීසි භාෂාවෙන් ධර්ම දේශනා පැවැත්වුහ.
වස් පිංකම සහ කඨින පින්කමෙහි ඇති වැදගත්කම දහම් පාසලේ සිසු සිසුවියන් විසින් විස්තර කළහ. ඔවුහු භක්ති ගීත ගායනාවක්ද ඉදිරිපත් කළහ.
![Shanthi_Vihara_2[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/Shanthi_Vihara_21.jpg)
![Shanthi_Vihara_7[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/Shanthi_Vihara_71.jpg)
![Shanthi_Vihara_8[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/Shanthi_Vihara_81.jpg)
![Shanthi_Vihara_9[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/Shanthi_Vihara_91.jpg)
![Shanthi_Vihara_16[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/Shanthi_Vihara_161.jpg)
![Shanthi_Vihara_20[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/Shanthi_Vihara_201.jpg)
![Shanthi_Vihara_21[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/Shanthi_Vihara_211.jpg)
![Shanthi_Vihara_22[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/Shanthi_Vihara_221.jpg)
![Shanthi_Vihara1[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/Shanthi_Vihara11.jpg)
![Shanthi_Vihata_11[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/Shanthi_Vihata_111.jpg)
COMMENTS
සාධු...සාධු ...සාධු ..!!! .ලස්සනට වැඩේ කර තිබෙනවා. (නි)
සාදු!! සාදු! සාදු! හොඳ වැඩක් (රේ)