IMG-LOGO

2025 ඔක්තෝබර් මස 16 වන බ්‍රහස්පතින්දා


මියන්මාරයේ ප‍්‍රබල භූකම්පනයක්

මියන්මාරයේ දෙවන විශාලතම නගරය වන  මැන්ඩලේ ප‍්‍රදේශය ඊයේ(11) රික්ටර් පරිමාණයේ ඒකක 6.8ක් සටහන් කළ භූ කම්පනයකින් කැළඹී ගිය අතර ඉන් 13ක් ජීවිතක්ෂයට පත්ව 40ක් තුවාල ලැබූහ. භූකම්පනයේ අපිකේන්ද්‍රය මැන්ඩලේ නගරයට කිලෝමීටර් 60ක් වයඹදෙසින් පිහිටි ස්ථානයක කිලෝමීටර 10ක් භූ අභ්‍යන්තරයේ පිහිටා ඇතැයි ඇමෙරිකා භූවිද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි. භූකම්පනයෙන් 40ක් තුවාල ලබා ඇති බවත් පස් දෙනෙක් අතුරුදන්ව ඇති බවත් වාර්තා වේ. මෙසේ අතුරුදන්ව ඇත්තේ ඉරවඩි ගංගාව හරහා ඉදි කර ඇති පාලමක වැඩ කරමින් සිටි පිරිසකි. මේ අතර රික්ටර් පරිමාණයේ ඒකක 5ක් සටහන් කළ පසුකම්පන කිහිපයක් සිදු වූ බව භූවිද්‍යාඥයෝ පවසති. මියන්මාරයේ කයුක් මියුන්ග් සහ සින්ට් කු යන නගරවලට භූකම්පනයෙන් දැඩි බලපෑම් සිදු විය. අසල්වැසි තායිලන්තයේ බැංකොක් නුවරට මෙන්ම ලොව ජනාකීර්ණම නගරයක් ලෙස සැලකෙන කිලෝමීටර් 572ක් එපිටින් පිහිටි බංග්ලාදේශයේ ඩකා නුවරට පවා පසුකම්පන වල බලපෑම දැනුණු බව මාධ්‍ය වාර්තා සඳහන් කරයි.



අදහස් (0)

මියන්මාරයේ ප‍්‍රබල භූකම්පනයක්

ශාන් Monday, 12 November 2012 04:16 PM

දර්ශන ඔබ හරි (ස)

:       0       0

දර්ශන Monday, 12 November 2012 04:01 PM

මුතූ ඔයා හරි (ස)

:       0       0

ස්වර්ණ Monday, 12 November 2012 10:43 AM

මුතූ, ඔයා මියන්මාරයට ඇවිත් තියෙනවද ??? ඇමරිකාව ගැන මොකද කියන්නේ (ස)

:       0       0

මධු Monday, 12 November 2012 06:18 PM

සමන් හරි. (නි)

:       0       0

සමන් Monday, 12 November 2012 11:42 AM

භූතල මායිමකට ආසන්නව භූකම්පා ඇතිවිම ස්වාභාවිකයි.මුතු විද්‍යාව පොඩ්ඩක් ඉගෙනගන්න.(ස)

:       0       0

හසිත් Monday, 12 November 2012 11:43 AM

ගොඩක් හොඳ පුවතක් (ස)

:       0       0

නාපාවල කටාර් Tuesday, 13 November 2012 07:14 PM

මුතුකුඩ මහතා ඔබ හරි ,විද්‍යාවෙන් සොයා ගත් දේ අල්පය .සියල්ල සොයාගැනීමටද නොහැක .(නු)

:       0       0

මුතුකුඩ Monday, 12 November 2012 07:06 PM

අද මනුෂ්‍යයා සියල්ල විද්‍යාවට බාරදී කටයුතු කළත් එම මනුෂ්‍යයා විද්‍යාවෙන් නොසොයා ගත් දේ ඉතා විශාලය. (නි)

:       0       0

හසිත් Monday, 12 November 2012 01:17 PM

හොඳයි කිව්වේ ජාතිවාදීන්ට විතරයි. අනිත් අය සමා වෙන්න ඕනි (ස)

:       0       0

මුතුකුඩ Monday, 12 November 2012 02:19 AM

මානුෂික අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් මනුෂ්‍යයාගේ දෛනික ජීවිතයට සරදම් කිරීමේ විපාකයන්ට ලැබුණා වූ ප්‍රතිඋත්තරයක් ලෙස දකිමු. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 877 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 977 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 393 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site