IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


‘නයිජීරියා ත්‍රස්තයෝ 2500ක් මරා දමති‘

පසුගිය 7 වැනිදා බොකෝ හරාම් අන්තවාදීන් නයිජීරියාවේ බාගා හා ඩොරොන් බාහා නගර වල සිදුකළ මහා සංහාරයෙන් මියගිය සංඛ්‍යාව 2500 ක් පමණ විය හැකි බව ඇම්නෙස්ටි ජාත්‍යන්තරය කියයි.

එම සංවිධානය බාගා හා ඩොරොන් බාහා ප්‍රදේශ දැක්වෙන චන්ද්‍රිකා ඡායාරූපයන් දෙකක් නිකුත් කර තිබෙන අතර ඉන් එකක ජනවාරි 2 වැනිදා එම නගර දිස්වූ ආකාරයත් අනෙකේ ජනවාරි මස 7 වැනිදායින් පසු එම නගර දිස්වූ ආකාරයත් දැක්වේ.

ජනවාරි 2 වැනිදා ඡායාරූපයේ රත් පැහැ තිත්, එනම් අධෝරක්ත කිරණ ආධාරයෙන් තහවුරු කරගත් ප්‍රාණීන් රාශියක් දැකගත හැකිය.නමුත් ජනවාරි මස 7 වැනිදායින් පසු ගෙන තිබෙන ඡායාරූපයේ එවන් තිත් කිසිවක්ම නැති ගානය

බොකෝ හරාම් අන්තවාදියෝ සිදුකර ඇති විනාශයේ තරම මින් හොදින් පැහැදිලි වන බව ඇම්නස්ටි ජාත්‍යන්තරය පවසයි.

බාගා හා ඩොරොන් බාගා පවතිනුයේ බෝකෝ හරාම් පාලනය යටතේ පවතින ප්‍රදේශයක වීම නිසා එම නගර වලට ළඟාවීමද දුෂ්කර වී තිබේ.

සංහාරයෙන් බේරාගෙන පලාවිත් තිබෙන කිහිපදෙනෙකු නයිජීරියා ආරක්ෂක අංශ වෙත භාරවී තිබෙන අතර ඔවුන් පවසන ආකාරයට එක්වනම නගරයට කඩා වැදුණු අන්තවාදියෝ වෙඩි පිට වෙඩි තබමින් උමතුවෙන් මෙන් හැසිර ඇත.

නගර වැසියන් මැස්සන් මෙන් මැරුණු බව එම බිහිසුණු සිදුවීම විස්තර කරනා දිවි ගලවාගත් පුද්ගලයෙකු පවසයි.

ඇතැම් වැසියන් බෝට්ටු වල නැගී ගග තරණය කර දිවි ගලවාගැනීමට උත්සාහ කළත් ඒවාටද අන්තවාදීන් වෙඩි ප්‍රහාර එල්ල කර විනාශ කළ බව ඔහු කියයි.

නයිජීරියාවට පිළිලයක් වී ඇති බොකෝ හරාම් අන්තවාදීන් මේ දක්වාම මර්දනය කිරීමට නොහැකිව ඇත්තේ නයිජීරියා ආරක්ෂක අංශ වල උදාසීන භාවය නිසායැයි නිතර චෝදනා නැගෙන්නකි. එහි අසත්‍යතාවක්ද නොමැත්තේ මුල් කාලයේම නයිජීරියා ආරක්ෂක අංශ අන්තවාදී ප්‍රහාර වලට දැඩිව ප්‍රතිචාර දැක්වූයේ නම් නියපොත්තෙන් කඩන්නට හැකිව තිබූ දෙය පොරොවෙන් කැපිය යුතු තත්ත්වයක් දක්වා වර්ධනය වීම වළක්වාගත හැකිව තිබුණු නිසාවෙන්ය.

බොකෝ හරාම් අන්තර්ජාතික අවධානය දිනාගත්තේ පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී පාසැල් දැරියන් 300 දෙනෙක් පමණ පැහැර ගැනීමත් සමගය.ඉන් දැරියන් කිහිපදෙනෙක් පැන ඒමට සමත්ව තිබෙතත් වැඩි දෙනෙක් තවමත් සිටින්නේ අන්තවාදී ග්‍රහණයේය.

බොහෝ හරාම් නායකයා අබුබක්කාර් ෂෙක්කු නම් නයිජීරියා ජාතිකයෙකු ලෙස හඳුනාගෙන තිබෙන අතර ඇමරිකා රජය ඔහු සම්බන්ධ තොරතුරක් ලබාදෙන්නකුට ඩොලර් ලක්ෂ 70 ක ත්‍යාගයක් ලබාදෙන බවටද නිවේදනය කර තිබේ.

1DC5698200000578-2910580-Master_of_disguise_Boko_Haram_leader_Abubakar_Shekau_points_at_t-m-9_1421325439083 24B39BA400000578-2910580-Destruction_It_s_estimated_that_2_500_people_were_killed_and_ove-a-11_1421309674446 24B2046800000578-2910580-Before_Infra_red_images_show_the_densely_populated_village_of_Do-a-9_1421309674428 24B2047900000578-2910580-Wave_of_terror_The_yellow_dots_in_this_satellite_image_taken_aft-a-12_1421309674454



අදහස් (0)

‘නයිජීරියා ත්‍රස්තයෝ 2500ක් මරා දමති‘

ජස්ටින් Monday, 19 January 2015 07:25 AM

බෝකොහරම් කියන්නේ ගූඩ් ලක් ජෝනතන්ගේම හමුදාවක්. නය්ජීරියාවේ 48:52 ක්‍රිස්තියානි මුස්ලිම් ඉන්නවා. ඉදිරියේ එන ඡන්දෙ දිනන්න තමා මේ හමුදාව හදල තියෙන්නේ. උතුරේ මුස්ලිම් අයට ඡන්දෙ දාන්න එන්න බයයි. ඒ ඡන්ද ටික කට් කරාම උඩින් දිනුම්. එක ගලෙන් අඹ ගොඩක්. ඡන්දෙත් දිනලා මුස්ලිමුත් මරල බහුජාතියත් වෙන්න පුළුවන්. මේ සැලසුම ඊශ්‍රායල් රටෙන් ගත්ත එකක්. උන්ට ඕන ලෝක පාලකයන් වෙන්න අනිත් උන් මරල රටවල් විනාශ කරලා (බ)

:       0       0

සහන් Tuesday, 20 January 2015 02:12 AM

ගොඩක් දේවල් අපිටත් හරි ඉක්මනින් අමතකවෙනවා. 90 දශකයෙන් පස්සේ ඉපදුණූ ළමයි ඒවා දන්නේත් නැහැ. ඒවා කියලා දෙන වැඩිහිටියන්ට ඇහුම්කන් දෙන්න උවමනාවකුත් නැහැ. ඉතිහාසය හදාරලා ඒවා ඉගෙනගන්නෙත් නැහැ. ෆේස්බූක් වලින් පෙනෙන දේ විතරයි දන්නේ (නි)

:       0       0

කමල් Saturday, 17 January 2015 05:53 AM

ත්‍රසිතවාදීන් නම් රටක නැති වෙන තරමට හොදයි (දිල්)

:       0       0

සමන් Sunday, 18 January 2015 10:51 AM

සන්වන්නි ලංකාවෙ නම් මෙහෙම වෙලා නෑ. ඔය ඕකම කියන කවුරුත් කොලඹ බෝම්බ වලින් මැරුණු ඒවා, කැබිතිගොල්ලෑවේ සිද්දිය මායිම් ගම්වල මරපුවා ගැන කතාවත් කරන්නේ නෑ. මොකද පිට රටවල සල්ලි එන්නේ නෑ නේ (නදී)

:       0       0

දුමින්ද Friday, 16 January 2015 07:23 AM

කොසොල් රජුගේ සිහින පරිදි ධර්මය යට ගොස් අධර්මය රජ කරයි. (ස)

:       0       0

සන්වන්නි Saturday, 17 January 2015 04:19 PM

සංඛ්‍යා වෙනස් උනත් 2009 මැයි 18 ට පෙර ලංකාවෙත් මේ වගේම තමයි. (නදී)

:       0       0

චන්දිම Thursday, 29 January 2015 02:23 AM

ලංකාවේ අනාගතය ගැනත් ලොකු බයක් දැනෙනවා..... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31208 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13366 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10970 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 71 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 905 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 272 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site