IMG-LOGO

2025 නොවැම්බර් මස 28 වන සිකුරාදා


බෝම්බකරුවන් ලෙස පුහුණු කරන්න රැගෙන ගිය දරුවෝ 41 ක් මුදා ගැනෙති

මරාගෙන මැරෙන බෝම්බකරුවන් ලෙස පුහුණු කිරීමේ අරමුණ ඇතිව දේශසීමා හරහා හොර රහසේ පාකිස්තානයට රැගෙන යමින් සිටි කුඩා දරුවන් 41 දෙනකු ඉස්ලාමීය සටන්කාමීන්ගේ ග‍්‍රහණයෙන් මුදා ගැනීමට ඇෆ්ගන් පොලිසිය සමත් විය. ඇෆ්ගන් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශ ප‍්‍රකාශක සෙඩික් සෙඞීකී මාධ්‍ය හමුවක් පවත්වමින් පෙරේදා (21) කියා සිටියේ වයස අවුරුදු 6 ත් 11 ත් අතර දරුවන් එම පිරිස අතර සිටි බවය. එම පිරිස සටන්කාමීන්ගෙන් බේරා ගැනීමට ඇෆ්ගන් පොලිසියට හැකියාව ලැබී ඇත්තේ නැගෙනහිර කුනාර් පළාතේදීය. පාකිස්තානයට ගෙන ගොස් අධ්‍යාපන වැඩමුළුවකට සහභාගී කරනවා යැයි බොරු කියා එම දරුවන් ඔවුන්ගේ මා පියන්ගෙන් රැගෙන ගොස් ඇති බවත් පාකිස්තානයට ගෙන ගොස් ඇෆ්ගනිස්තානයේ විදෙස් හමුදා ඉලක්ක කර ගනිමින් මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර එල්ල කිරීමට ඔවුන් පොළොඹවා ගැනීමට සටන්කාමීන් කටයුතු කර තිබුණු බවත් අනාවරණය විය. බේරා ගත් දරුදැරියන් ඔවුන්ගේ පවුල්වලට බාර දීමට ද පොලිසිය කටයුතු කළ බව ඇෆ්ගන් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් කියා සිටියි. අල් කයිඩා, තලේබාන් ඇතුළු ඉස්ලාමීය සටන්කාමීන් ත‍්‍රස්ත පුහුණුව ලබන්නේ පාකිස්තානයේ දී බවටත් පාකිස්තානයේ කි‍්‍රයාත්මක ඉස්ලාමීය සටන්කාමී සංවිධානවල සහාය ඔවුන්ට ලැබෙන බවටත් ඇෆ්ගන් රජය චෝදනා කරයි.



අදහස් (0)

බෝම්බකරුවන් ලෙස පුහුණු කරන්න රැගෙන ගිය දරුවෝ 41 ක් මුදා ගැනෙති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 177 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 243 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1120 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site