IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


පාකිස්තානයේ ඩෙංගු රෝගීහු 12,000 ක්

ඩෙංගු වසංගතය උත්සන්න වීමෙන් මේ වනවිට ඩෙංගු රෝගීන් 12,000 ක් හමුවී ඇති බව පාකිස්තාන සෞඛ්‍ය බලධාරීහු නිවේදනය කරති. ගත වූ මාසය ඇතුළතදී එකසිය විසි නව දෙනකු ජීවිතක්ෂයට පත්වූ බව ද වාර්තා වේ. ඩෙංගු රෝගය, පාකිස්තානයේ හිස එසවීම ආරම්භ වූයේ මෝසම් වැසි සමය ඇරැඹීමත් සමඟය. මෝසම් වැසි සමඟ මේ වනවිට පාකිස්තානයේ ප‍්‍රදේශ රැසක් ජලයෙන් යටවී ඇති අතර ලක්ෂයකට ආසන්න පිරිසකට උන්හිටිතැන් අහිමි වී ඇත. වසංගත තත්ත්වයක් ප‍්‍රකාශ කිරීමෙන් පසු ඩෙංගු මර්දන වැඩසටහන් ආරම්භ කළ බවත් ප‍්‍රාන්ත රැුසක අධ්‍යාපන ආයතන, පාසල් සහ විශ්ව විද්‍යාල වසා දැමීමට තීරණය කළ බවත් පාකිස්තාන රජය පවසයි. ඩෙංගු අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇති ප‍්‍රදේශවල දුමායන කටයුතු දිගින් දිගටම සිදුවෙමින් පවතී. ඩෙංගු මර්දනය කිරීමට ජාත්‍යන්තර සහාය ඉල්ලා සිටීමට පාකිස්තාන රජය තීරණය කර ඇති අතර මේ වනවිටත් අසල්වැසි ඉන්දියාවෙන් සහ ශ්‍රී ලංකාවෙන් විශේෂ වෛද්‍ය කණ්ඩායම් පන්ජාබ් ප‍්‍රාන්තයට පැමිණ සිටින බව ද බලධාරීහු පවසති. මීට අමතරව ජර්මනියෙන් දුමායන උපකරණ කට්ටල තොගයක් සහ ඉන්දියාවෙන් ඖෂධ තොගයක් ද පාකිස්තාන රජයට ලැබී ඇතැයි වාර්තා වේ.

ලාහෝර් නුවරදීය (ඒ.එෆ්.පී.)
දුමායන කටයුතු සිදු කෙරෙමින් ඩෙංගු රෝගීන්ගෙන් රෝහල් පිරී ඇති අයුරු



අදහස් (0)

පාකිස්තානයේ ඩෙංගු රෝගීහු 12,000 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 46 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 841 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 607 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site