IMG-LOGO

2025 දෙසැම්බර් මස 09 වන අඟහරුවාදා


බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ඇමැති ධුරයෙන් ඉවතට

'කොවිඩ් 19' වයිරස ව්‍යාප්තිය හේතුවෙන්, පුද්ගල දුරස්ථභාවය රැක ගන්නැයි සෞඛ්‍ය අංශ ලබා දුන් උපදෙස් සැලකිල්ලට නොගෙන, කාර්යාල මිතුරියක සිපගත්තේ යැයි චෝදනාවට ලක්වූ බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ලේකම් (ඇමැති) මැට් හැන්කොක් සිය ධුරයෙන් ඉල්ලා අස්විය.

මැට් හැන්කොක්, රජකාරි වේලාවේ, සෞඛ්‍ය අමත්‍යාංශය තුළ දී සිපගෙන ඇත්තේ සෞඛ්‍ය අමත්‍යාංශයේ විධායක නොවන උපදේශිකාවක ලෙස රාජකාරි කරන ජීනා කොලඩැන්ගෙලෝ ය.

පසුගිය මැයි 6 වැනිදා දෙදෙනා සිප ගන්නා අයුරු දැක්වෙන වීඩියෝ දසුන් සහ ඡායාරූප බ්‍රිතාන්‍ය වැසියන්ට අනාවරණය කළේ එරට 'ද සන්' මාධ්‍ය ජාලයයි.

'සමාජ දුරස්ථභාවය ආරක්ෂා කර ගන්නැයි සෞඛ්‍ය බලධාරීන් උපදෙස් දෙද්දී, සෞඛ්‍ය ලේකම්වරයා සෞඛ්‍ය අමත්‍යාංශයේ උපදේශිකාව සිපගන්නවා' යන සිරස්තල යටතේ ඉන්පසු බ්‍රිතාන්‍ය පුවත්පත් හරහා මැට් හැක්කොක් ට විරෝධයක් එල්ල වීමට පටන් ගත්තේඉන්පසුවය.

'මා කළේ වරදක්. කොරෝනා වසංගතය හේතුවෙන් රටේ ජනතාව බොහෝ කැප කිරීම් කරද්දී, මා මගේ පුද්ගලික හැඟීම්වලට වහල්වීම වරදක් බව මට තේරෙනවා.' යැයි සිය ඉල්ලා අස්වීමේ ලිපිය, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ට යොමු කරමින් මැට් හැන්කොක් පවසා තිබේ. අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පවසා ඇත්තේ, මැට් හැන්කොක් සෞඛ්‍ය ලේකම් ධුරයෙන් ඉවත් වීමට ගත් තීරණය කනගාටුවට කරුණක් බවය.

42 හැවිරිදි මැට් හැන්කොක්, වසර 15 ක් තිස්සේ විවාහ වී සිටියේ මාර්තා සමඟය. කෙසේ නමුත් ඔහු මේ වනවිට ඇයගෙන් වෙන්වී සිටින බව බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කර තිබේ. මැට් හැන්කොක් ට දරුවන් තිදෙනෙකි. ජීනා කොලඩැන්ගෙලෝ ද තිදරු මවකි.

මැට් හැන්කොක් සෞඛ්‍ය ලේකම් ධුරයෙන් ඉවත් වීමට තීරණය කළ අවස්ථාවේදී තමන් ද සෞඛ්‍ය අමත්‍යාංශයේ රාජකාරිවලින් ඉවත් වන බව 43 හැවිරිදි ජීනා මාධ්‍ය හමුවේ පැවැසුවාය.

ජීනා කොලඩැන්ගෙලෝ කෝටිපති ව්‍යාපාරික කාන්තාවකි. බ්‍රිතාන්‍යයේ පමණක් නොව යුරෝපා රටවලත් අතිශය ජනප්‍රිය ඔන්ලයින් රෙදිපිලි අලෙවි කරන සමාගමක් වන 'ඔලිවර් බොනාස්' සමාගම ආරම්භ කළ ඔලිවර් ට්‍රෙස්ගේ බිරිඳ වන්නේ ජීනා ය.

ජීනා, 'ඔලිවර් බොනාස්' සමාගමේ සන්නිවේදන කටයුතු ප්‍රධානියා ලෙස ද කටයුතු කරන අතර, ඇය එම සමාගමේ කොටස්කාරියකි.

ඊට අමතරව, ජීනා බ්‍රිතාන්‍ය රාජ්‍ය අමත්‍යාංශ සඳහා පෞද්ගලික අංශයේ සේවාදායකයන් සම්බන්ධ කරන 'ලූතර් පෙන්ඩ්‍රැගන්' සමාගමේ ද කොටස්කාරියක වන්නීය.

ජීනා කොලඩැන්ගෙලෝ සෞඛ්‍ය අමත්‍යාංශයේ විධායක නොවන උපදේශිකාවක ලෙස පත් කළේ ද මැට් හැන්කොක් ය. ඒ, පසුගිය වසරේ මාර්තු මාසයේදීය. බ්‍රිතාන්‍ය පුවත් සේවා පෙන්වා දෙන අන්දමට මැට් හැන්කොක් සහ ජීනා කොලඩැන්ගෙලෝ එකිනෙකා දැන හඳුනන්නේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යලයේ අධ්‍යාපනය ලබද්දීය.

ජීනා, වසර ගණනාවක් තිස්සේ තමන්ගේ සමීපතම මිතුරියක යැයි මැට් හැන්කොක් අවස්ථා ගණනාවකදී මාධ්‍ය හමුවේ පවසා ඇත.

සෞඛ්‍ය ලේකම් ධුරයෙන් මැට් හැන්කොක් ඉවත් වීමත් සමඟ නව සෞඛ්‍ය ලේකම්වරයා ලෙස සජීද් ජාවිද් පත් කළ බව ද වාර්තා වේ.

(රොයිටර්)



අදහස් (1)

බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ඇමැති ධුරයෙන් ඉවතට

ලක්සිත. පැරිස් Sunday, 27 June 2021 12:58 PM

අපේ රට කොපි කරනවා. මම මගේ විරෝධය පලකරනවා...

:       22       125

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 406 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 447 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 408 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site