අසල්වැසි මියන්මාරයේ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් පලා ආ රෝහින්ග්‍යා සරණාගතයින්ට තාවකාලික නිවාස සකස් කිරීම සඳහා බෙංගාල බොක්කේ පිහිටි බෂාන් චා දූපත සංවර්ධනය කිරීමට බංගලාදේශ රජය සැලසුම් කර ඇත.
මේ සඳහා ඩොලර් මිලියන 280ක් වෙන් කර ඇති බවත් ව්‍යාපෘති සැලැස්ම අගමැති ශෙයික් හසීනා විසින් අනුමත කළ බව බංගලාදේශ රජය පවසයි.
මෙම දූපතෙහි තාවකාලික නිවාස ලක්ෂයක් සෑදීමට සැලසුම් කර ඇති නමුත් සෑම වසරකම මෝසම් කාලයේ ගංවතුරින් යටවන මෙම දූපත මිනිස් වාසයට නුසුදුසු බවට මානව හිමිකම් සංවිධාන විසින් චොදනා කර තිබිණි.
බංගලාදේශයට රෝහිනග්‍යා සරණාගතයින් 620000කට වැඩි ප්‍රමාණයක් පැමිණ ඇති බව බලධාරීහු පවසති.
ඔවුන් වැඩිදුරටත් පවසන්නේ ලෝකයේ දුප්පත්ම සහ ජනගහනයෙන් වැඩි රටක් ලෙස සැලකෙන බංගලාදේශය මෙම දූපතේ පවතින අවහිරතා නොසලකා සරණාගතයින්ට පිහිට වීම යුතුකමක් ලෙස සලකන බවයි.
මෙම සරණාගතයින් නැවත මියන්මාරය වෙත යවන තෙක් ඔවුන් රඳවා තැබීමට ස්ථානයක් අවශ්‍ය හෙයින් මෙම තීරණය ගත් බවද බංගලාදේශ රජය පවසයි.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)


COMMENTS
එක හොඳය්. බුරුමයේ ඉන්න ඔක්කොම මුස්ලිම් මිනිස්සු බංගලාදේශයට ගෙනල්ල බුරුමය මුස්ලිම් මුලධර්ම වාදීන්ගෙන් නිදහස් කරලා ඒ රටේ බුදුදහම ආරක්ෂා කරගන්න ඉඩදෙන එක ඉතාම හොඳ අදහසක්.
ඔව් ඔව් අනිත් මිනිස්සුන්ට හෙණ ගැහුවත් කමක් නෑ.........බුදුදහම ආරක්ෂා කරන්න ඕනා!!!!!!!!!!!
මේ අය මේ විදිහට වෙන් කරලා දාන එක හොඳයි..........
කන්න නැතත්, මොන යුද්ධයක් තිබුණත් හැදිල්ලේ නම් අඩුවක් නැහැ.
උදේ සිට සවස් වනතුරු මහ පාරේ පවා දෙවියන් යදින මෙම මිනිසුන්ට දෙවියන් කියා කෙනෙකු සිටිනවා නම් නොබලන්නේ ඇයි? ඇත්තටම දෙවියන් සිටිනවා නම් දෙවියන් කල යුත්තේ මිනිසුන් අමාරුවේ වැටීමට පෙර උදව් කිරිම නේද? අන්තිමට බැලුවාම මෙයට උදව් කරන්නෙත් මිනිසුන් වන අපමයි නේද?