ඉන්දුනීසියාවේ උතුරු වෙරළ තීරයේ ලොම්බොක් දූපතට බලපෑ භූමිකම්පාවත් සමඟ සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට එරට බලධාරීන් පියවර ගෙන තිබේ.
බලපෑ භූ කම්පනයේ ප්‍රබලත්වය රික්ටර් මාපකාංක 7.0ක් යැයි ඇමෙරිකා එක්සත් ජනපද භූ සමීක්ෂණ ආයතනය සඳහන් කරයි.
භූ කම්පනය ඇති වූ ස්ථානයේ ගැඹුර කිලෝමීටර 15ක් පමණ වන බව ද වාර්තා වේ.
මෙම භූ කම්පනය සිදු වූයේ රික්ටර් මාපකාංක 6.4ක් ඉන්දුනීසියාවට බලපෑ සතියකට පසුවය. සංචාරක පරාදීසයක් වන ඉන්දුනීසියාවට පසුගිය සතියේ බලපෑ භූමිකම්පාවෙන් 14 දෙනකු මියගොස් 162ට ආසන්න පිරිසක් තුවාල ලැබූහ.
මෙමගින් ලංකාවට බලපෑමක් නැතැයි අපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.
ඬේලිමේල් ඇසුරිනි
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd