IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


බි‍්‍රතාන්‍යය ඉරාන තානාපති නෙරපයි

ඉරානයේ තෙහෙරාන් නුවර පිහිටි බි‍්‍රතාන්‍ය තානාපති කාර්යාලයට ඉකුත් අඟහරුවාදා (29) කලහකාරීන් පිරිසක් පහර දීමත් සමඟ බි‍්‍රතාන්‍යයේ සිටින ඉරාන තානාපතිවරයා ඇතුළු සියලූම රාජ්‍ය නිලධාරීන් රටින් පිටුවහල් කිරීමට බි‍්‍රතාන්‍ය රජය පෙරේදා (30) තීරණය කළේය. කලහකාරී පිරිස් ‘බි‍්‍රතාන්‍යයට මරණය’ යැයි කෑ ගසමින් තෙහෙරාන් නුවර බි‍්‍රතාන්‍ය තානාපති කාර්යාලයට කඩා වැදී පහර දී අලාභානි සිදුකරද්දී තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩල නිලධාරීහු පසුපස දොරින් පලා ගියහ. ඔවුන්ට කිසිදු අනතුරක් සිදු නොවිණි. එම සිදුවීමෙන් පසු තෙහෙරාන් නුවර සිටි තම තානාපතිවරයා වහා ආපසු ගෙන්වා ගැනීමටත් තම තානාපති කාර්යාලය ඉරානයෙන් ඉවත් කර ගැනීමටත් බි‍්‍රතාන්‍ය රජය තීරණය කළේය. බි‍්‍රතාන්‍යයේ සිටින ඉරාන තානාපති ඇතුළු ඉරාන රාජ්‍ය තාන්ති‍්‍රක නිලධාරීන් නෙරපා දැමීමට බි‍්‍රතාන්‍ය රජය තීරණය කළේ ඉන් පසුවය. බි‍්‍රතාන්‍ය රජය ගත් එම තීරණයේ ප‍්‍රතිවිපාක දරුණු විය හැකි යැයි ඉරානය අනතුරු අඟවයි. බි‍්‍රතාන්‍ය රජයේ එම කි‍්‍රයාකලාපය අනුගමනය නොකරන ලෙස ඉරානය සෙසු යුරෝපා රටවලින් ද ඉල්ලා ඇති නමුත් ප‍්‍රංශය, නෙදර්ලන්තය සහ ජර්මනිය මේ වනවිට ඉරානයේ සිටින තම තානාපතිවරුන් යළි ගේනවා ගැනීමට කටයුතු කර ඇති බව වාර්තා වේ. ඉරානයේ පිහිටි බි‍්‍රතාන්‍ය තානාපති කාර්යාලයට කලහකාරීන් පහර දුන්නේ ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහනට එරෙහිව තවත් සම්බාධක පැනවිය යුතු යැයි බි‍්‍රතාන්‍ය පුනපුනා කළ ප‍්‍රකාශයක් හේතුවෙනි. කලහකාරීන් තානාපති කාර්යාලයට කඩා වැදී බි‍්‍රතාන්‍ය මහ රැජිනගේ සහ අගමැති කැමරන්ගේ ඡායාරූප කඩා බිඳ දමමින් ලිපි ලේඛනවලට සහ බි‍්‍රතාන්‍ය ධජවලට ගිනි තබද්දී ඉරාන පොලිසිය නිහඬව සිටි බවට බි‍්‍රතාන්‍ය රජය චෝදනා කරයි. ඉරාන රජය පවසන්නේ කලහකාරීන් විසුරුවා හැරීමට පොලිසිය පියවර ගත් බවත් ඒ සඳහා කඳුළු ගෑස් ප‍්‍රහාරයක් ද එල්ල කළ බවත්ය. තානාපති කාර්යාලයට පහර දුන් පුද්ගලයන් සොයා ඔවුන්ට දඬුවම් කරන බවට ද ඉරාන රජය සහතික වී ඇත.



අදහස් (0)

බි‍්‍රතාන්‍යය ඉරාන තානාපති නෙරපයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 746 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site