
ස්පාඤ්ඤයට අයත් 'ලා පල්මා' දූපතේ 'කුම්බ්‍රේ වියේජා' ගිනි කන්ද තවමත් පිපිරෙමින් පවතින බවත්, මේ වනවිට ගිනි කන්දෙන් නිකුත් වන ලාවා හේතුවෙන් විනාශයට පත්වුණු නිවාස සහ ගොඩනැගිලි ගණන 800 කට වැඩි බවත් වාර්තා වේ.
ගිනි කන්ද පුපුරා යෑම ආරම්භ වූයේ මීට සති තුනකට පෙර පසුගිය සැප්තැම්බර් 19 වැනිදා ය. දූපතේ කෙසෙල් වගා බිම් හෙක්ටයාර් දහස් ගණනක් ලාවාවලටත් ගිනි ගැනීම්වලටත් හසුවී විනාශ වී ගොසිනි. ගිනි කන්ද පුපුරා යෑමත් සමඟ උන්හිටිතැන් අහිමිවූ ගණන 6,000 ක් බව දූපත් ආණ්ඩුකාරවරයා පවසා තිබේ.
ගිනි කන්දෙන් නිකුත්වන දුම්වලා කිලෝ මීටර් ගණනාවක් දුරට විසිරී පැතිරී ගොස් ඇති බවත්, දූපතට ඉහළින් ගුවන් ගමන් පවා නවතා දැමීමට පියවර ගෙන ඇති බවත් වාර්තා වේ. 'ලා පල්මා' දූපතේ ජනගහනය 83,000 කි.
(රොයිටර්)

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.