රුසියාවේ නිෂ්පාදිත ‘ස්පුට්නික් 5’ ප‍්‍රතිශක්තිකරණ එන්නතේ පළමු මාත‍්‍රාව ලබා ගැනීමට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සූදානමින් වෙයි.
‘කොවිඞ් 19’ වයිරසය ආසාදනය වැළැක්වීමට නිපදවා ඇති ‘ස්පුට්නික් 5’ එන්නත සෙසු බොහෝ ප‍්‍රතිශක්තිකරණ එන්නත් සේම මාත‍්‍රා දෙකකින් සමන්විතය.
‘ඔක්ස්ෆර්ඞ් ඇස්ට‍්‍රාසෙනකා’ එන්නත සම්බන්ධයෙන් බියක් සහ සැකයක් ඇතිවීමත් සමඟ යුරෝපා සංගමයට අයත් රටවල් රුසියාවේ ‘ස්පුට්නික් 5’ එන්නත මිලදී ගැනීම කෙරෙහි උනන්දුවක් දක්වා තිබේ.
කෙසේ නමුත් ජර්මනිය, ප‍්‍රංශය ඇතුළු යුරෝපා සංගමයේ ප‍්‍රබල රටවල් බොහොමයක්, රුසියන් එන්නත සම්බන්ධයෙන් වැඩි කැමැත්තක් දක්වන බව පෙනෙන්න නැතැයි ද පැවැසෙයි. ජර්මන් චාන්සල්වරිය ඇන්ජෙලා මේකල් පවසා ඇත්තේ රුසියන් එන්නත සම්බන්ධයෙන් විශ්වාසය තැබිය නොහැකි බවය.
ජර්මනිය ඇතුළු යුරෝපා රටවල්, රුසියන් විද්‍යාඥයන් නිර්මාණය කළ ‘ස්පුට්නික් 5’ එන්නත හෑල්ලූවට ලක් කිරීම කිසිසේත් අනුමත නොකරන බවත්, ‘ස්පුට්නික් 5’ එන්නත සාර්ථක බවත් එය තමන්ට විශ්වාස බවත් පවසමින්, තමන් ද එන්නත ලබා ගන්නා බව රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසා තිබේ.
මොස්කව්හිදීය (රොයිටර්)
2025 දෙසැම්බර් මස 30
76
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
729
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
352
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
‘ස්පුට්නික් 5‘ එන්නත ගන්න පුටින් සූදානමින්