IMG-LOGO

ෆාර්ක් ගරිල්ලන් එක්ක සාම කතා පවත්වනවා

දශක පහක් තිස්සේ කොලොම්බියා රජය සමඟ සටන් වැද සිටින ෆාක් ගරිල්ලන් සමඟ සාම සාකච්ඡා පැවැත්වීමට තමන් සූදානම් යැයි එරට ජනපති යුවාන් මැනුවෙල් සැන්ටෝස් පවසයි. සැන්ටෝස් මේ බව කියා සිටියේ ඊයේ (28) ජනපති මන්දිරයේ සිට ජනතාව අමතමිනි. ගරිල්ලා සටන්කාමීන් සමඟ මීට පෙර අවස්ථා ගණනාවකදී ද කොලොම්බියා නායකයෝ සාම සාකච්ඡා පැවැත්වීමට උත්සහ කළද ඒවා අසාර්ථක විය. ජනපති සැන්ටෝස් පවසන්නේ පසුගිය ජනපතිවරුන් ගත් වැරදි තීරණ නිසා ගරිල්ලන් සහ රජය අතර පැවැති අර්බුදය දිග්ගැස්සුණු බවය. එම වැරදි නිවැරදි කරමින් සාම සාකච්ඡා ආරම්භ කෙරෙන බවත් ෆාක් ගරිල්ලා සංවිධානයෙන් ද ඊට කැමැත්ත පළ වී ඇති බවත් ජනපති සැන්ටෝස් වැඩිදුරටත් කියා සිටී. ගරිල්ලන් සමඟ සාකච්ඡා පැවැත්වීමට ජනපති සැන්ටෝස් තීරණය කළේ අසල්වැසි ලතින් ඇමෙරිකා නායකයන් වන වෙනිසියුලා නායක හියුගෝ චාවේස් සහ කියුබාවේ හිටපු නායක ෆිදෙල් කස්ත්‍රෝ හමුවී ඒ ගැන සාකච්ඡා කිරීමෙන් ද පසුවය.



අදහස් (0)

ෆාර්ක් ගරිල්ලන් එක්ක සාම කතා පවත්වනවා

දමිත් Wednesday, 29 August 2012 01:49 PM

හොඳ තීරණයක් .මුළු ලෝකයටම සාමය උදා වේවා !!.(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 480 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 641 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 264 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site