ඇමෙරිකාවේ 'ෆයිසර්' සමාගම, 'කොවිඩ් 19' වයිරස අඩපණ කළ හැකි බෙහෙත් පෙත්තක් හඳුන්වා දීමට සූදානමින් සිටී. මෙම පෙත්ත වෙළෙඳපොළට නිකුත් වනු ඇත්තේ 'පැක්ස්ලොවිඩ්' යන වෙළෙඳ නාමය යටතේ යැයි 'ෆයිසර්' සමාගම පැහැදිලි කරයි.
'පැක්ස්ලොවිඩ්' සම්බන්ධයෙන් අවසන් සායනික පර්යේෂණ ඉතා සාර්ථකව අවසන් වෙසින් පවතින බවත් 'කොවිඩ් 19' ආසාදිතයන් රෝහල් ගත කිරීමට සහ මරණයට පත්වීම සියයට 89 කින් අඩු කිරීමට බෙහෙත් පෙත්තට හැකියාව ඇති බවත් 'ෆයිසර්' සමාගම පවසා ඇත.
සායනික පර්යේෂණ සම්පූර්ණ වූ සැණින්, 'පැක්ස්ලොවිඩ්' සඳහා ඇමෙරිකන් ආහාර සහ ඖෂධ පාලන අධිකාරියේ අනුමැතිය ලබා ගැනීමට 'ෆයිසර්' සමාගම සූදානමින් සිටී.
'පැක්ස්ලොවිඩ්' බෙහෙත් පෙත්ත 'කොවිඩ් 19' ආසාදිතයන්ට නිවසේ සිට වෛද්‍ය උපදෙස් අනුව භාවිතයට ගැනීමට හැකිවෙයි. 'පැක්ස්ලොවිඩ්' බෙහෙත් පෙත්ත ඇමෙරිකාවේ 'මර්ක්' ඖෂධ සමාගම නිපදවා ඇති 'මොනුපියර්වියර්' බෙහෙත් කරලට සමාන යැයි ද වෛද්‍ය පර්යේෂකයෝ පෙන්වා දෙති.
'මොනුපියර්වියර්' බෙහෙත් කරලට මේ වනවිට ලොව රටවල් රැසකින් ඇණවුම් ලැබී ඇත. ඒ, බ්‍රිතාන්‍ය ඖෂධ පාලන අධිකාරිය 'මොනුපියර්වියර්' භාවිතයට සුදුසු යැයි අනුමත කිරීමත් සමඟය. 'මොනුපියර්වියර් බෙහෙත් කරලට හිමිවුණු පළමු අනුමැතිය එයයි.
'කොවිඩ් 19' ප්‍රතිශක්තිකරණ එන්නත් අතින් ලොව ඉදිරියෙන්ම පසුවන්නේ 'ෆයිසර්' එන්නතය. අවුරුදු 5 සිට 11 දක්වා ඇමෙරිකාවේ කුඩා දරුවන්ට හෙට (8) සිට 'ෆයිසර්' එන්නත ලබා දීම පවා ආරම්භ වෙයි. 'ෆයිසර්' සමාගම පවසා ඇත්තේ ඔවුන්ගේ ප්‍රතිශක්තිකරණ එන්නත සේම, 'පැක්ස්ලොවිඩ්' බෙහෙත් පෙත්ත ද ලොව පුරා ජනප්‍රිය වනු ඇති බවය.
(ඒ.ඒෆ්.පී.)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
’ෆයිසර්’ සමාගමෙන් පෙත්තක්