
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් යුක්රේනය ආක්‍රමණය කිරීමත් සමඟ ඊට විරෝධය දක්වමින් යුරෝපා රාජ්‍යය ෆින්ලන්තය ද 'නේටෝ' සංවිධානය සමඟ එක් වීමට සූදානමින් සිටින බව බටහිර මාධ්‍ය වාර්තා කරයි.
යුරෝපයේ 'නෝටෝ' සංවිධානයට සම්බන්ධ නොවී, මධ්‍යස්ථ ලෙස කටයුතු කළ නිෂ්ක්‍රීය රාජ්‍යයන්ගෙන් එකක් ලෙස සැලකෙන්නේ ෆින්ලන්තයයි. මෙසේ නිෂ්ක්‍රීය රාජ්‍යයන් ලෙස සැලෙකන තවත් යුරෝපා රටවල් දෙකක් ඇති අතර ස්වීඩනය සහ ස්කොට්ලන්තය යනු ඒවාය. රුසියාව යුක්රේනයෙන් අපේක්ෂා කරන්නේ ද යුක්රේනය ද නිෂ්ක්‍රීය රාජ්‍යයක් විය යුතු බවය. යුක්රේනය ඊට කන් නොදෙයි.
ඓතිහාසික වශයෙන්ම මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් ඇති ආරක්ෂිත රටක් ලෙස සැලකෙන ෆින්ලන්තය, 1939 දී ස්ටාලින්ගේ සෝවියට් හමුදා විසින් ආක්‍රමණය කරනු ලැබුණි. එහිදී එම හමුදා පරාජය කිරීමට ෆින්ලන්තය සමත් විය.
යුක්රේන අර්බුදයත් සමඟ ස්කැන්ඩිනේවියානු රටවල් වන ෆින්ලන්තය සහ ස්වීඩනය නේටෝවට සහය දක්වන ප්‍රකාශ නිකුත් කිරීම පවා රුසියාවේ උදහසට හේතුවක් විය. ඒ අනුව, රුසියාව මෙම රටවලට ද තර්ජනය කර තිබේ.
(රොයිටර්)
යුක්රේන-රුසියා අර්බුදය:- වැඩිදුර තොරතුරු සඳහා මෙතැනින් පිවිසෙන්න
2025 දෙසැම්බර් මස 04
694
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ෆින්ලන්තයත් නේටෝවට එක්වන්න සැරැසෙයි