IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


හාවඩ් විශ්ව විද්‍යාලයට ජනපති ට්‍රම්ප්ගෙන් තර්ජන

ඇමෙරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලයට ලබා දී තිබෙන බදු සහන ඉවත් කරන බවට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර ඇත. ඇමෙරිකා ජනාධිපතිවරයා මෙසේ තර්ජනය කර ඇත්තේ විශ්ව විද්‍යාලයේ පරිපාලනය සමඟ මත ගැටුමක් ඇතිකර ගැනීමත් සමඟය.

 හාවඩ් යනු ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රමුඛතම විශ්ව විද්‍යාලයයි. විශ්ව විද්‍යාලයේ ඉගැන්වීම් කටයුතු විදිමත්ව සිදු කරන මෙන් සහ ඊශ්‍රායලයට එරෙහිව පලස්තීනයට සහාය දක්වමින් විශ්ව විද්‍යාල පරිශ්‍රයේ සිදුවන ශිෂ්‍ය විරෝධතා මර්දනය කරන මෙන්ට්‍රම්ප් විශ්ව විද්‍යාල පරිපාලනයෙන් ඉල්ලීමක් කර ඇති අතර විශ්ව විද්‍යාල පරිපාලනය ඊට විරෝධය පළ කළ බැවින්, බදු සහන ඉවත් කරන බවට ට්‍රම්ප් තර්ජය කර ඇත.

දේශපාලන කටයුතුවලට මැදිහත් නොවන බව පවසා ඇති ඇමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයකු වන බැරැක් ඔබාමා පවා, ට්‍රම්ප් විශ්ව විද්‍යාලයට මෙසේ බලපෑම් කිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සිය අප්‍රසාදය පළ කර ඇතැයි පැවැසෙයි. හාවඩ් විශ්ව විද්‍යාලය යනු ඇමෙරිකාවේ ප්‍රමුඛතම විශ්ව විද්‍යාලවලින් එකකි.

 (ඒ.එෆ්.පී.)



අදහස් (0)

හාවඩ් විශ්ව විද්‍යාලයට ජනපති ට්‍රම්ප්ගෙන් තර්ජන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 90 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 142 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 942 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site