
දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් හදිසි හමුදා නීතිය පැනැවීමට ගත් තීරණයට විරෝධය දක්වමින්, එය අවහිර කිරීමට දකුණු කොරියානු පාර්ලිමේන්තුව ඡන්දය ප්‍රකාශ කළේය.
ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් තුන්සිය දෙනාගෙන් 190 දෙනකු හදිසි හමුදා නීතිය ඉවත් කරන්නැයි ඡන්දය ප්‍රකාශ කළ බව පැවැසෙයි.
දකුණු කොරියාවේ බලයේ සිටින්නේ ‘කොන්සවර්ටිව් පීපල්ස් පවර්’ පක්ෂයයි. එහි නායක හැන් ඩොං හූන්, විශේෂ ප්‍රකාශයක් කරමින් පැහැදිලි කර ඇත්තේ, ජනතාව සමඟ එක් වී තමන් ද ජනාධිපතිවරයාගේ යුද නීතිය ප්‍රකාශ කිරීමට ගත් තීරණයට විරෝධය දක්වන බවය.
යුද නීතිය පනවන බව ජනාධිපති යුන් සුක් යෝල්, හදිසියේ පැවැසුවේ මාධ්‍ය හමුවක් අතරතුරේදීය. එය කාගේත් පුදුමයට හේතුවක් විය. යුද නීතිය පනවන බව ජනාධිපතිවරයා පැවැසුවේ, උතුරු කොරියාව, කොමියුනිස්ට් බලවේගවලින් ආරක්ෂා කිරීමේත්, රාජ්‍ය විරෝධී පාර්ශ්වයන් මර්දනය කිරීම අරමුණින්ය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.