
සටන් විරාමයක් සඳහා, ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉදිරිපත් කළ කොන්දේසි, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු එකපයින් ප්‍රතික්ෂේප කළේය.
ඒ, සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා පැහැදිලි කළේ, ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ හමාස් සටන්කාමීන් දුර්වල වී සිටින බවත්, මාස කිහිපයක් අතුළත හමාස් සටන්කාමීන් මුලිනුපුටා දමා ගාසා තීරයේ ජය තහවුරු කිරීමට හැකිවන බවත්ය.
සටන් විරාමයක් සහ නව සාම සැලැස්මක් ක්‍රියාත්මක කර, ඊශ්‍රායල හමාස් අර්බුදය අවසන් කිරීමට කටාර් රාජ්‍යය, ඇමෙරිකාව සහ ඊජිප්තුව මැදිහත් වී සිටී.
හමාස් සංවිධානය, සටන් විරාමයකට කැමැත්ත පළ කර ඇත්තේ, ඊශ්‍රායලයට කොන්දේසි මාලාවක් ඉදිරිපත් කරමිණි. ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙද්නායාහු එකපයින් ප්‍රතික්ෂේප කර ඇත්තේ මෙම කොන්දේසි මාලාවය.
‘කිසිම කොන්දේසියකට අප යටත් වෙන්නේ නැහැ. හමාස් සංවිධානයේ කෙතාන්දේසි අසාධාරණයි. අවසානයේ ඇත්තේ එක විසඳුමක් පමණයි. හාමස් සංවිධානය මුලිනුපුටා දමන තුරු සටන් නවත්වන්නේ නැහැ. මාස කීපයකින් හමාස් සංවිධානය මුලුමනින්ම පරාජය කළ හැකියි’ යැයි අග්‍රාමාත්‍ය නෙදන්යාහු වැඩි දුරටත් කියා සිටියේය.
‘හමාස් සංවිධානයට ගාසා තීරයේ නිදහසේ සිටින්න ඉඩ හැරියොත්, ඔවුන්දිගින් දිගටම අපට (ඊශ්‍රායලයට) පහර දෙනවා. අවසානයක් දකින්න ලැබෙන්නේ නැහැ. අවසානයක් දකින්න නම්, කළ යුත්තේ හමාස් සංවිධානය මුලුමනින්ම විනාශ කර දැමීමයි.’ යැයි ද අග්‍රාමාත්‍ය නෙදන්යාහු අවධාරණය කර තිබේ.
2025 දෙසැම්බර් මස 04
709
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
556
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
451
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
හමාස් සටන් විරාමයට ඊශ්‍රායල අගමැති කැමති නෑ
ලෙස්ලි හර්බට් විජේසිංහ Thursday, 08 February 2024 10:59 AM
හමාස් කම්බස් කරන්න ඕනේ සාමය සදහා
Hira Thursday, 08 February 2024 11:08 AM
මෙන්න ජාතියට ආදරේ කෙලින් නායකයෝ
Sanath Thursday, 08 February 2024 01:09 PM
අපේ මහින්ද රාජපක්ෂලා ,සරත් ෆොන්සේකා වගේ කෙලින් හිටියොත් යුද්ධය දිනන්න පුළුවන්
Bamunuarachchi Thursday, 08 February 2024 11:36 PM
සටන් විරාම ගැන හිතන්නවත් එපා. ඉස්ලාමීය ත්‍රස්තයින් වයස් බේදයකින් තොරව අතුගා දමන්න. වචනයෙන් හෝ බෞද්ධ අපි ඔබට සහය දෙමි. පාදඩ දේශපාලකයෝ නිසා අපිට ලංකාවේ කරගන්න බැරි දෙයක්. ඒත් අනාගතේ කරන්න සිදුවන දෙයක්.