බලයෙන් නෙරපා, දමා නිවාස අඩස්සියට පත් කෙරුණු, මියන්මාර ප්‍රජාතන්ත්‍රවාදී නායිකා අවුන් සාන් සූ කී පළමු වරට එරට හමුදා අධිකරණය හමුවේ පෙනී සිටිමින් සාක්ෂි දුන්නාය.
මියන්මාර හමුදාව අවුන් සාන් සූ කීගේ රජය පෙරළා දමමින් රටේ පාලනය අත්පත්කරගෙන හමුදා රජයක් පිහිටවූයේ පසුගිය පෙබරවාරි පළමු වැනිදාය.
එදා පටන් හමුදා පාලනයට විරෝධය දක්වමින් මියන්මාරයේ විරෝධතා පැවැත්වෙන අතර, විරෝධතාකරුවන්ට හමුදාව පහර දෙයි. එම ප්‍රහාර හේතුවෙන් මියගොස් ඇති විරෝධතාකරුවන් ගණන 1,100 ක් යැයි පැවැසෙයි.
මියන්මාර හමුදාව රටේ බලය අල්ලා ගත්තේ පසුගිය වසරේ පැවැති මහ මැතිවරණය දූෂිත බව පෙන්වා දෙමිනි. එම මැතිවරණයෙන් ජයග්‍රහණය කළේ සූ කීගේ ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයයි. හමුදාවට සහාය දක්වන විපක්ෂ දේශපාලන කණ්ඩායම් පරාජයට පත් විය.
නීතිවිරෝධී සන්නිවේදන උපකරණ (වෝකිටෝකි ආදිය) අනවසරයෙන් ළඟ තබා ගෙන සිටියැයි සූ කීට චෝදනා එල්ල වී ඇත. සූ කී සම්බන්ධයෙන් නඩු විභාගය ආරම්භ වූයේ පසුගිය ජූනි මාසයේදීය. ඒ, ඇය නිවාස අඩස්සියට පත් කර මාස 4 කට පසුවය.
(ඒ.එෆ්.පී.)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
සූ කී හමුදා අධිකරණය හමුවේ සාක්ෂි දෙයි