IMG-LOGO

2025 ඔක්තෝබර් මස 21 වන අඟහරුවාදා


සිරියා කැරැලිකරුවන්ට පැනැවූ ආයුධ තහනම ඉවතට

සිරියා කැරැලිකරුවන්ට ආයුධ ලබා දීමට පනවා තිබූ තහනම ඉවත් කිරීමට යුරෝපා සංගමය ඊයේ (28) තීරණය කළේය.
සාමාජික රටවල් 27 කින් සමන්විත යුරෝපා සංගමය, සිරියා කැරැුලිකරුවන්ට පමණක් නොව, සිරියා රජයට එරෙහිව ද ආයුධ තහනමක් පනවා තිබුණේ මීට මාස කිහිපයක සිටය.
එම තහනම අනුව, සිරියා රජයට හෝ කැරැලිකරුවන්ට හෝ ආයුධ සැපැයීමට, යුරෝපා සංගමයට අයත් සාමාජික රටකට හැකියාව නොලැබුණි.
පැය 12 ක සාකච්ඡාවකින් පසු, යුරෝපා සංගමයේ සාමාජිකයන් තීරණය කළේ කැරැලිකරුවන්ට පමණක් ආයුධ ලබා දීමට එරෙහිව පැනැවූ තහනම ඉවත් කිරීමටය. සිරියානු රජයට ආයුධ ලබා දීමට එරෙහි තහනම දිගටම කි‍්‍රයාත්මක වෙයි.
ඒ අනුව සිරියානු කැරැලිකරුවන්ට සහ විපක්ෂ දේශපාලන කණ්ඩායම්වලට සහාය දෙන බි‍්‍රතාන්‍යය සහ ප‍්‍රංශයට සෘජුවම, කැරැලිකරුවන්ට අවි ආයුධ දී ශක්තිමත් කළ හැකි වේ.
සිරියානු රජය චෝදනා කරන්නේ එම ආයුධ තහනම පැවැත්වෙද්දී පවා බි‍්‍රතාන්‍යය සහ ප‍්‍රංශය කැරැලිකරුවන්ට අවි ආයුධ ලබා දීමට කටයුතු කළ බවය.
සිරියානු කැරැලිකරුවන්ට ආයුධ ලබා දිය යුතු යැයි පවසමින් යුරෝපා සංගමයේ සාමාජික රටවල් කැමැති කර ගත්තේ බි‍්‍රතාන්‍යය රජයයි. එහි මැදහත්කරු ලෙස කටයුතු කළේ බි‍්‍රතාන්‍ය විදේශ ලේකම් විලියම් හේග්ය.
යුරෝපා සංගමය මෙම තීරණය ගත්තේ, සිරියානු රජයේ හමුදා ප‍්‍රහාර හමුවේ කැරැලිකරුවන් දැඩි ලෙස පසුබෑමකට ලක් වී සිටින අවස්ථාවකදීය.
කැරැලිකරුවන්ට එරෙහි සටනේදී, සිරියානු රජයේ හමුදාවලට සහාය පළ කිරීමට ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමී සංවිධානය ද එක් වී සිටින බව පැවැසෙයි.
හිස්බුල්ලා සංවිධානය පවසා ඇත්තේ සිරියානු යුද්ධය තමන්ගේ යුද්ධයක් සේ සළකා සටනට එක්වුණු බවය. හිස්බුල්ලා සංවිධානය සිරියානු රජයට සහාය දැක්වීම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දැඩි දෝෂ දර්ශනයට හේතුවක් වී ඇත.
සිරියානු අර්බුදයට හිස්බුල්ලා සංවිධානය සම්බන්ධ වීම හරහා සිදුවන්නේ සිරියානු අර්බුදය තවත් අවුල් ජාලයක් වනු ඇතැයි එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් වැඩි දුරටත් කියා ඇත.



අදහස් (0)

සිරියා කැරැලිකරුවන්ට පැනැවූ ආයුධ තහනම ඉවතට

කුමාර Wednesday, 29 May 2013 10:33 AM

දැන් එක්සත් ජාතීන්ට එතකොට කැරලිකරුවන්ට යුධ දෙන එක අවුලක් නැද්ද

:       0       0

ගයාන් Wednesday, 29 May 2013 10:37 AM

එයාල යුද්ධේ වවන් කනවා. (ස)

:       0       0

සමන්ත Wednesday, 29 May 2013 10:38 AM

කට හරි තමන්ග ආයුධ විකුනගන්නනේ ඕන. (ස)

:       0       0

නිමල් Wednesday, 29 May 2013 10:39 AM

මේක කෙලින්ම ත්‍රස්තවාදයට සහය දීමක් නේ. (ස)

:       0       0

සිතා Wednesday, 29 May 2013 10:36 AM

පුදුමාකාර වැඩක් කොටින්ටත් හොරට ආයුද දුන්නද කියන්න බෑ. (ස)

:       0       0

සශිනි Wednesday, 29 May 2013 10:44 AM

රජයකට සහය දැක්වීම වැරදි වෙලා කැරලිකරුවන්ට සහය වීම අවුලක් නැති උනේ කෝමද? (ස)

:       0       0

නිමාලි Wednesday, 29 May 2013 10:41 AM

නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ. (ස)

:       0       0

ෆර්සාන් Wednesday, 29 May 2013 02:09 PM

සර්පයින්ට කිරි දීල හදනවා..(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1100 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1123 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 424 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site