IMG-LOGO

2025 ඔක්තෝබර් මස 21 වන අඟහරුවාදා


සිරියාවට හමුදා යවනවාට ඇමෙරිකානු ජනතාවගෙන් දැඩි විරෝධය

සිරියා අර්බුදය විසඳීමට ඇමෙරිකා හමුදා යුදමය වශයෙන් මැදිහත්වීම සුදුසු දැයි යන්න පිළිබඳ විමසා බැලීමේ සමීක්ෂණයකදී හෙළි වුණේ ඇමෙරිකානු ජනතාවගෙන් බොහොමයක් එවැනි යුදමය මැදිහත්වීමක් අනුමත නොකරන බවයි.
ඇමෙරිකාවේ ෆොක්ස් පුවත් සේවය විසින් පවත්වන ලද මෙම සමීක්ෂණයේදී අදහස් ප‍්‍රකාශ කළ අයගෙන් සියයට 68ක් අවධාරණය කළේ සිරියා යුද්ධයට ඇමෙරිකා හමුදා මැදිහත් නොවිය යුතු බවයි.
එසේ සිය විරෝධය පළ කළ අයගෙන් සියයට 70ක් පමණ රිපබ්ලිකන් පාක්ෂිකයෝ ද සියයට 69ක් ඩිමොක‍්‍රටික් පාක්ෂිකයෝ ද වූහ. මේ අතර, සිරියා යුද්ධයට ඇමෙරිකාව මැදිහත් වියයුතු බව කියා සිටි පිරිස සියයට 23කි.
ජනපති බෂීර් අල් අසාද්ගේ රජය චෝදනා කරන්නේ සිරියා කැරැුලිකරුවන් ශක්තිමත් කිරීමට ආයුධ හා ආධාර සපයන්නේ බටහිර රටවල් බවය. ඒ නිසා යුද්ධය දිග්ගැස්සී ඇති බවට ද ජනපති අසාද් චෝදනා කරයි.



අදහස් (0)

සිරියාවට හමුදා යවනවාට ඇමෙරිකානු ජනතාවගෙන් දැඩි විරෝධය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1100 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1123 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 424 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site