සර්බියාවේ හිටපු හමුදා ප‍්‍රධානී මොමිසිලෝ පෙරිසික්ට (67) යුගෝස්ලෝවියාවේ පිහිටි එක්සත් ජාතීන්ගේ යුද අපරාධ අධිකරණය විනිශ්චය මණ්ලයක් විසින් වසර 27ක සිර දඬුවමක් නියම කරනු ලැබ තිබේ. බොස්නියාවේ හා ක්‍රෝෂියාවේ ජනතාවට 1990දී, වධ හිංසා කිරීම් හා මිනී මැරුම් සිදුකළේයැයි මොම්සිලෝ විරුද්ධව එල්ලවී තිබූ චෝදනාවලට ඔහු වරදකරුවී ඇති හෙයින් මෙම සිර දඬුවම නියමවී තිබේ. අසාධාරණයට එරෙහිව කුපිතවූ මුස්ලිම් ජනතාව සර්ජීවෝ නගරය වැටලූ අවස්ථාවේ පුද්ගලයන් 8000ක් පමණ මරා දැමීමට හමුදාවට අණ කිරීම. යුද අපුරාධ සිදු කිරීම. ස‍්‍රබෙනිකා හි තවත් මුස්ලිම් ජනතාව හා පිරිමි ළමයින් රාශියක් මරා දැමීම මොම්සිලෝට එල්ලවී තිබූ චෝදනා වෙති. මාස 42 තිස්සේ ස‍්‍රබෙනිකා නුවර වටලා සිදුකළ උද්ඝෝෂණවලදී හමුදාව, මුස්ලිම් විරෝධතා කරුවන් මරා දැමූහ. 1995දී ක්‍රෝෂියාවේ අගනුවර වන සැග්ර්ඞ් වෙත ෂෙල් වෙඩි ප‍්‍රහාර එල්ල කිරීම පිළිබඳව ද ඔහුට විරුද්ධ චෝදනා එල්ල වී තිබුණි.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
සර්බියාවේ හිටපු හමුදාපතිට අවුරුදු 27 ක සිරදඬුවමක්