
සියෙරා ලියෝන්හි අගනුවර වන ෆ්‍රීටවුන් හි සිදු වූ අනතුරකින් පුද්ගලයන් 91 දෙනකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉන්ධන ප්‍රවාහනය කරන ලොරියක් සහ තවත් ලොරියක් ගැටීමෙන් මෙම අනතුර සිදු වී තිබෙන එම ගැටීමෙන් පසු විශාල පිපිරීමක් සිදුව ඇතැයි ද වාර්තා වේ.
ඉන්ධන ටැංකිය සහිත ලොරිය සහ අනෙක් ලොරිය ගැටීමෙන් අනතුරුව තෙල් කාන්දුවක් සිදුව තිබෙන අතර අනතුර සිදුව ටික වේලාවකින් විශාල පිපිරීමක් ද සහිතව ගින්නක් ඇති වී තිබේ.
එම ගින්නට අසල සිටි පුද්ගලයන් ගොදුරු වී තිබෙන අතර ගින්න ඒ ආසන්නයේ වූ වාහනවලට ද පැතිර ගොස් තිබේ.
ඉන්ධන ප්‍රවාහන ලොරිය ආසන්නයේ දැඩිව පිළිස්සුණු සිරුරු තිබෙන අයුරු දැක්වෙන විඩියෝ පට කිහිපයක් ද සියෙරා ලියෝන් හි මාධ්‍ය වාර්තා කර තිබිණි.
“මෙම සිදුවීමෙන් සහ සිදු වූ දරුණු ජීවිත හානිවලින් තමන් දැඩි කම්පනයට පත්ව සිටිනවා” යැයි අනතුර සම්බන්ධයෙන් අදහස් දක්වමින් සියෙරා ලියෝන් ජනාධිපති ජුලියස් මාඩා බයෝ පැවැසීය.
“මෙම අනතුරින් බලපෑමට පත් වූ පවුල්වලට සහාය දීම හැකි සෑම පියවරක්ම ගන්නවා” යැයි ජනාධිපතිවරයා ඉන් ටික වේලාවකට පසු ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ ය.
“අතිශය ඛේදජනක ඡායාරූප කිහිපයක් දකින්නට ලැබුණු. 100කට වැඩි පිරිසක් මරණයට ගොස් ඇතැයි වාර්තා වෙනවා” යැයි ෆ්‍රීටවුන් හි නගරාධිපතිනි ඉවෝන් ආකි ස්වෝයර් පැවැසුවා ය.
මෘතශරීරාගාරයට මළසිරුරු 90ක් පමණ ලැබී ඇතැයි ද තවත් 100කට ආසන්න පිරිසක් ෆ්‍රීටවුන් නුවර රෝහල්වලට සහ ඒ ආසන්නයේ සෞඛ්‍ය මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබන බව සියෙරා ලියෝන් සෞඛ්‍ය අංශ සඳහන් කළේ ය.
සියෙරා ලියෝන් වේලාවෙන් සිකුරාදා රාත්‍රී 10ට පමණ මෙම අනතුර සිදුව තිබේ.
ජනාකීර්ණ වෙලින්ග්ටන් පිහිටි චොයිත්‍රම් සුපිරි වෙළෙඳසැලක් ආසන්නයේ මංසන්ධියක දී මෙම අනතුර සිදු ව තිබේ.
මඟීන්ගෙන් පිරුණු බස් රථයක් සම්පූර්ණයෙන් ගිනිගෙන දැවුණු බවත් ඒ ආසන්නයේ තිබූ කඩසාප්පු වෙළෙඳසැල් ද ගින්නට ගොදුරු වූ බවත් එක් වාර්තාවක දැක්විණි.
(බී.බී.සී.)
2025 නොවැම්බර් මස 04
641
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2318
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1720
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සියෙරා ලියෝන් පිපිරීමෙන් 91 ක් මරුට