සෝමාලියා ජනපති ෂරිෆ් ෂීක් අහ්මඞ් ගමන් කළ සන්නද්ධ රථ පෙළ වටකොට අල් ෂෙබාබ් සටන්කාමීන් පෙරේදා (29) ප‍්‍රහාරයක් එල්ල කළත් දිවි බේරා ගැනීමට ජනපතිවරයා සමත් වූයේය. අල් ෂෙබාබ් යනු අල් කයිඩා සංවිධානය සමඟ ද සම්බන්ධකම් පවත්වන සෝමාලියාවේ කි‍්‍රයාත්මක ඉස්ලාමීය සටන්කාමී සංවිධානයකි. ජනාධිපතිවරයා ඉලක්ක කරගෙන එල්ල කළ එම ප‍්‍රහාරයෙන් ජනපතිවරයාගේ ආරක්ෂාවට සිටි සෝමාලි හමුදා සෙබළු දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. ප‍්‍රහාරය එල්ල වූයේ ජනපතිවරයා රැගත් රථ පෙළ අලමාදා ප‍්‍රදේශය හරහා යද්දීය. අවි ගැටුම් නිසා උන්හිටිතැන් අහිමි වූවන් ජීවත් වන්නේ අලමාදා ප‍්‍රදේශය පිහිටා ඇති සරණාගත කඳවුරුවලය. ජනපතිවරයා එම ප‍්‍රදේශයට ගියේ ද අවතැන් වූවන් හමුවීමටය. ජනාධිපතිවරයාගේ රථ පෙළට ආරක්ෂාව සපයනු ලැබුවේ අප‍්‍රිකා සංගමයේ භට පිරිස් විසිනි. සටන්කාමීන් පහර දුන් අවස්ථාවේදී ප‍්‍රතිප‍්‍රහාර එල්ල කරමින් ජනපතිවරයා ආරක්ෂා කළේ එම සෙබළුන්ය.
2025 දෙසැම්බර් මස 04
694
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සෝමාලි ජනපති ඝාතන තැත වරදී