සෝමාලියාවේ අගනුවර වන මොගඩිෂු හි මාර්ගයක අටවා තිබූ බෝම්බයක් පුපුරා යෑමෙන් ඒ ආසන්නයෙන් ගමන් කරමින් තිබූ බස් රථයක සිටි 06 දෙනකු මියගොස් තිබේ.
සිද්ධියෙන් තවත් බොහෝ පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
මොගඩිෂු නගරයට කිලෝමීටර් 19ක් වයඹ දෙසින් පිහිටි හවා අබඩි ගම්මානයේදී මෙම පිපිරීම සිදුව තිබේ.
අවමංගල්‍ය උත්සවයකට සහභාගී වීම සඳහා ගිය එකම පවුලේ පිරිසක් මෙලෙස අනතුරට පත්වි ඇතැයි පොලිසිය පවසයි.
එම මාර්ගය රජයේ සහ ආරක්ෂක අංශ විසින් බහුලව භාවිතා කරන බවත් ඔවුන් ඉලක්ක කර බෝම්බය අටවා තබන්නට ඇති බවත් පොලිසිය පවසයි.
කෙසේ වුවුද ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවකු බාරගෙන නොමැත.
ඉස්ලාමීය සටන් කණ්ඩායමක් වන අල් ෂබාබ්, 2008 වසරේ සිට සෝමාලියාවේ රජය පෙරළා දැමීමේ අරමුණින් සටන් මෙහෙයවයි.
ඉස්ලාමීය ෂරියා නීතිය මත පදනම්ව ඔවුන්ගේම පාලන තත්ත්‍රයක් යටතේ සෝමාලියාව පාලනය කිරීම අල් ෂබාබ් කණ්ඩායමේ බලාපොරොත්තුව බව සඳහන් වේ.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
2025 දෙසැම්බර් මස 04
703
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සෝමාලියාවේ බෝම්බ පිපිරීමකින් 6ක් මරුට