
තායිලන්තය විසින් නීතිගත කළ සමලිංගික විවාහ නීතිය පසුගිය 22 වැනිදා සිට ක්‍රියාත්මක විය.
ඒ අනුව සමලිංගික විවාහක යුවල 180 දෙනෙකු එදින විවාහ ගිවිසගත් බව පැවැසෙයි.
පසුගිය වසරේදී තායිලන්තය තුළ සමලිංගික විවාහ නීති කෙටුම්පත පාර්ලිමේන්තුවේ දී සම්මත වූ අතර ඊට පක්ෂව ඡන්ද 400ක් ලැබුණු අතර විපක්ෂව ලැබී ඇත්තේ ඡන්ද 10ක් පමණි.
මෙම නීතිය ක්‍රියාත්මක වීම මගින් තායිලන්තය තුළ සමලිංගික යුවලකට විවාහ වීමටත්, ඔවුන්ගේ වත්කම් කළමනාකරණය කිරීම සහ උරුම කරගැනීමටත්, දරුවන් හදා ගැනීමටත් සමාන අයිතිවාසිකම් හිමි වී ඇත.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd