IMG-LOGO

2025 අගෝස්තු මස 14 වන බ්‍රහස්පතින්දා


ස්පුට්නික් එන්නතට අනුමැතිය දෙන්න සැරැසෙයි

රුසියාවේ 'ස්පුට්නික් 5' කොවිඩ් 19 ප්‍රතිශක්තිකරණ එන්නත, හදිසි භාවිතයට සුදුසු යැයි අනුමත කිරීමට අදාළ ක්‍රියාවලිය යළි ආරම්භ කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

ලොව පළමුවෙන් නිපදවූ 'කොවිඩ් 19' ප්‍රතිශක්තිකරණ එන්නත මෙන්ම ලොව පළමුවෙන් ලියාපදිංචි කළ 'කොවිඩ් 19' ප්‍රතිශක්තිකරණ එන්නත වන්නේ ද මෙම 'ස්පුට්නික් 5' ය. කෙසේ නමුත් තවමත් ලෝක සෞඛ්‍ය සංවිධානය එය අනුමත කර නැත. ඒ, එන්නතේ සාර්ථකත්වය සම්බන්ධයෙන් ප්‍රමාණවත් දත්ත නොමැති බව පවසමිනි. එසේ වුවත් අද ලොව රටවල් 45 ක් ඔවුන්ගේ අභිමතය පරිදි 'ස්පුට්නික් 5' එන්නත භාවිත කරයි. රුසියානුවන්ට ලබා දෙන්නේ ද මෙම 'ස්පුට්නික් 5' එන්නත වන අතර රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් ද එන්නතේ නියමිත මාත්‍රා දෙකම ලබා ගෙන තිබේ.

'ස්පුට්නික් 5' රුසියානු රජයට අයත් 'ගැමලේයා' ඖෂධ නිෂ්පාදන සමාගම නිපදවූ ප්‍රතිශක්තිකරණ එන්නතය. ලොව භාවිතයට ගන්නා අනෙක් එන්නත් මෙන් නොව, 'ස්පුට්නික් 5' එන්නතේ පළමු සහ දෙවැනි මාත්‍රා එකිනෙකට වෙනස්ය. මේ වනවිට 'ගැමලේයා' ඖෂධ නිෂ්පාදන සමාගම 'ස්පුට්නික් 5 ලයිට්' යනුවෙන් එක් මාත්‍රාවක එන්නතක් ද නිපදවා තිබේ. මෙය ද ලොව රටවල් කීපයක භාවිතයට ගැනෙයි.

පසුගිය කාලය පුරාවට තම එන්නත අනුමත කරන්නැයි රුසියානු රජය, සෞඛ්‍ය අමත්‍යාංශය සහ ගැමලේයා ආයතනය අවස්ථා කීපයකදී ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉල්ලා සිටිය ද ඊට යහපත් ප්‍රතිචාර නොලැබුණි. ඒ‍, සෑම අවස්ථාවකදීම, ලෝක සෞඛ්‍ය සංවිධානය, 'ස්පුට්නික් 5' එන්නත නොයෙක් නොයෙක් අඩුපාඩු පෙන්වා දෙන්න විය.

මේ සම්බන්ධයෙන් රුසියන් ජනාධිපති පුටින් චෝදනා නගන්න වූයේ ලෝක සෞඛ්‍ය සංවිධානය ඇමෙරිකාව ඇතුළු බටහිර රටවලට එන්නත්වලට පමණක් මුල්තැන දෙන බවත්, බටහිර රටවල් සමඟ පවතින එදිරිවාදිකම් නිසා රුසියානු එන්නත 'කොන් කිරීමකට' ලක් කර ඇති බවත්ය. ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කර තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය හදිසි භාවිතයට සුදුසු යැයි පෙන්වා දෙමින් පළමුවෙන් අනුමැතිය ලබා දුන්නේ 'ෆයිසර්' එන්නතටය. ඉන්පසු 'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා', 'මොඩර්නා', 'සයිනෝෆාම්' සහ 'සිනොවැක්' යන එන්නත්වලට අනුමැතිය ලබා දුන්නේය.

(රොයිටර්)



අදහස් (0)

ස්පුට්නික් එන්නතට අනුමැතිය දෙන්න සැරැසෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 82 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 793 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 369 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site