IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


සඳෙන් පස් අරන් චීන යානය එනවා

සඳේ අඳුරු කාලාපයට ගොඩබැස, පස් සාම්පල එකතු කරගත් ‘චැංග් ඊ 6’ රොබෝ ගවේෂණ යානය අද (25) පෘථිවියට පැමිණෙනු ඇත.

‘චැංග් ඊ 6’ රොබෝ ගවේෂණ යානය, කුඩා යානාවලින් සමන්විත මවු යානයකි. කක්ෂීය යානයක් (ඕබිටර්), පතිත කරවන යානයක් (ලෑන්ඩර්) සහ ඉහළට එසවෙන යානයක් (ඇසෙන්ඩර්) ඇතුළත් විය.

සඳෙන් පස් එකතු කරගත් ‘චැංග් ඊ 6’ රොබෝ යානයේ කැප්සියුලය පෘථිවියට පැමිණෙනු ඇත්තේ, සැලැසුම් කළ පරිදි සහ පෙර ලබා දී තිබුණු උපදෙස් අනුවය.

‘චැංග් ඊ 6’ කැප්සියුලය පැරෂූට් ආධාරයෙන්, වේගය පාලනය කර ගනිමින්, මධ්‍යම මොංගෝලියාවේ, චීනයට අයත් සීසීවැංග් පළාතේ හුදෙකලා ප්‍රදේශයකට පතිත කෙරෙනු ඇත.

මෙහෙයුම ක්‍රියාත්මක කළ චීන ජාතික අභ්‍යවකාශ පරිපාලන ආයතනයේ විද්‍යාඥයන්, චීන හමුදාව එක් වී, පැරෂූට් ආධාරයෙන් කැප්සියුලය පැමිණෙන තුරු බලා සිටින බව ද පැවැසෙයි.



අදහස් (3)

සඳෙන් පස් අරන් චීන යානය එනවා

Rohitha Tuesday, 25 June 2024 12:47 PM

ඇයි හඳේන් පස් ගේන්නේ ගඩොල් කපන්නද දන්නේ නැහැ. කොච්චර වියදමක්ද ඉතින්...

:       6       5

Perera Wednesday, 26 June 2024 12:32 AM

අපේ අයත් අද හෙට යාවි පස් කොන්ත්‍රාත් ගන්න

:       0       0

බණ්ඩා රුබේරු Wednesday, 26 June 2024 01:15 PM

හඳත් ඉවරයි. ඔහොම එහෙන් එක එකා පස් ඇදලා පෝයට පායන පුන්සඳත් බාගෙට තමයි පායන්නේ...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 133 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 757 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site